Kaduwela, Sri lanka.

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව

ජීවිතය ගොඩනගා ගන්න, යුතුකම් වගකීම් ඉටු කරන්න, සමාජයට බරක් නොවී ජීවත් වන්න, මේ හැමදේටම මූලික පදනම අධ්‍යාපනය යි. විධිමත් අධ්‍යාපනයක් ලබාගනිමින් තමාගේ අරමුණු කරා ගමන් කරන්නට වෙර දරණ දැයේ දුවා දරුවන්ට දෙමාපියන් වශයෙන් ලබා දෙන අනුග්‍රහය අති මහත් ය. නමුත් යම් යම් ආර්ථික අපහසුතා මත ජීවත් වන දෙමව්පියන්ට තම දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම දුෂ්කර කටයුත්තකි.

 ඒ නිසා ම එවන් දක්ෂ නමුත් ආර්ථික අපහසුතා ඇති දරුවන් හට අධ්‍යාපනය හැදෑරීමට අත්වැළක් වන්නට ශ්‍රද්ධා මාධ්‍යජාලය ආරම්භ කළ පුණ්‍ය ව්‍යාපෘතිය යි ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව. ඔබත් කැපකරු මවක් වශයෙන්… කැපකරු පියෙකු වශයෙන්… දැයේ අනාගතය භාරගැනීම පිණිස නෙත් අයා බලාසිටින අහිංසක දරුවෙකුගේ අනාගතය සාර්ථක කර ගැනිම පිණිස අත්වැලක් වෙන්නට කැමති නම්… අපව අමතන්න.

දුරකථන: +94 71 232 88 83 විද්‍යුත් ලිපිනය: edu@shraddha.lk

+ 0
ශිෂ්‍යත්ව ලාභීන්
0
අදියර
    • බුදු දහමින් සුපෝෂිත දේශයට වැඩදායී අනාගත පරපුරක් බිහි කිරීම.
    • බෞද්ධ දරුවන්ට අධ්‍යාපනයට අත දීම පිණිස වන මෙම වැඩ පිළිවෙල තුළින් ගුණ නැණ බලයෙන් හෙබි බෞද්ධ දරුවන් පිරිසක් දේශයට දායාද කිරීම.
    • උගත් කමින් පමණක් නොව ගුණ දහමින්ද දේශයේ අනාගතය සවි බල ගැන්වීමට දායක වීම.
    • බෞද්ධ ජනතාවගේ පවුල් පසුබිම හා ආර්ථීක තත්වය නංවාලීම.
    • දේශයේ ජීවනාලිය වෙත කළණ මිතුරු ඇසුර ලබා දීම.

පසුබිම

අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය සදහා දක්ෂ දරුවන්ට ආර්ථීක අපහසුතා නිසා අධ්‍යාපන කටයුතු අඩපණ කර ගන්නා ස්වභාවයක් දක්නට ලැබේ. එසේම එවැනි පවුල්වල උපකාර කිරීම පිණිස පවතින රාජ්‍යය හෝ රාජ්‍යය නොවන සංවිධාන ද සුලභ නොවේ. මෙවැනි පසුබිමක් තුළ ගුණ නැණ සපිරි අනාගත පරපුරක් සදහා අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂ දරුවන් හට උපකාර කිරීම කාලීන අවශ්‍යතාවයක් බවට පත් ව ඇත. එසේම වර්තමාන අධ්‍යාපන රටාව තුල නොයෙක් ආකාරයේ උගතුන් බිහි වුව ද ගුණ දහමින් යුතු මිනිස් කම හදුනන උගතුන් බිහිවන්නේ අල්ප වශයෙනි. ඒ නිසා ආර්ථීක අපහසුතාවයන්ගෙන් පීඩාවට පත් සිසු දරුවන්ට සවියක් වනු පිණිසත් ගුණයෙන් පොහොසත් අනාගත පරපුරක් දේශයට දායාද කරනු පිණිසත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධාගුවන් විදුලියේත් නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ආරම්භ වන්නේ මෙලෙසිනි.

වීඩීයෝ

ක්‍රමවේදය

    • ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය සදහා සිසුන් තෝරා ගැනීම.
    • අධ්‍යාපන අමාත්‍යංශය වෙත ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කිරීම සහ පළාත් සභා සහ මධ්‍යම රජය මගින් පාලනය වන සියලු පාසල් වල ලිපිනයන් ඇතුලු අවශ්‍ය දත්ත ලබා ගැනීම.
    • සියලුම පාසල් වලට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පිළිබදව ලිපි මගින් දැනුම් දීම හා ශිෂ්‍යත්ව අවශ්‍ය සිසුන් හට ඔවුන්ගේ අත් අකුරින් ලියන ලද ලිපියක් සහ ආදර්ශ අයැදුම් පත්‍රය සම්පූර්ණ කොට ශ්‍රද්ධා ආයතනයට එවන ලෙස දැනුම් දීම.
  • ශිෂ්‍යයාගේ/ ශිෂ්‍යයාවගේ විස්තර.

  • ශිෂ්‍යයාගේ /ශිෂ්‍යයාවගේ පවුලේ විස්තර.

  • අධ්‍යාපන දක්ෂතා. (සා. පෙළ ප්‍රතිඵල ආදිය).

  • ශිෂ්‍යත්වය ඉල්ලා සිටීමට හේතුව හැකිතාක් පැහැදිළිව හා විස්තර සහිතව.

  • ශිෂ්‍යයාගේ/ ශිෂ්‍යයාවගේ ලිපිනය.

පැමිණෙන ලිපි අතරින් තෝරාගත් ලිපි වලට අයදුම්පත් යැවීම. එම අයදුම්පතක් සම්පූර්ණ කොට අදාළ තොරතුරු වල සත්‍යතාව විදුහල්පති තුමා මඟින් සහතික කරවා ශ්‍රද්ධා ආයතනයට එවන ලෙස දැනුම් දීම. පැමිණෙන අයදුම්පත් අතරින් විද්වත් මණ්ඩලයක් මගින් ශිෂ්‍යත්ව සදහා වඩාත්ම සුදුසුකම් ලබන සිසුන් තෝරා ගැනීම.

 

 

 

ශ්‍රද්ධා අධ්‍යාපනික ශිෂ්‍යත්ව සඳහා දායකත්වය ලබා ගැනීම.

ශිෂ්‍යත්ව මුදල සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවෙක් වෙනුවෙන් රුපියල් 1100 ක් ද උසස් පෙළ හෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙකු වෙනුවෙන් රුපියල් 2000 ක් ද බැගින් වේ. මෙම ශිෂ්‍යත්වයක් සඳහා පහත ක්‍රම තුනෙන් එක් ආකාරයකට දායක විය හැක.

මෙම ක්‍රමය මගින් අදාල දායකත්වය දරන පින්වතාට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ යාවජීව කැපකරු මවක් හෝ යාවජීව කැපකරු පියෙක් බවට පත් විය හැක.එවිට එම යාවජීව කැපකරු මව හෝ පියා නාමයෙන් සැමදාටම ශිෂ්‍යත්ව ක්‍රියාත්මක වනවා ඇත.

මාසිකව රුපියල් 2000 බැගින් හෝ රුපියල් 1100 බැගින් ලබා දීම මඟින් එක් දරුවෙකු උදෙසා දායකත්වය ලබා දීම. මෙහිදී අදාල දරුවා සඳහා වන වසරක ශිෂ්‍යත්ව මුදල එකවර හෝ වාරිික කිහිපයකින් හෝ මාසිකව ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට බැර කළ යුතුයි. ඉන් පසුව එය වසරින් වසර දීර්ඝ කරමින් කැපකරු මව් පියන් හට ශිෂ්‍යත්වය පවත්වාගෙන යා හැකි අතර යම් ආකාරයක කරදරයක් සිදුවී ශිෂ්‍යත්ව මුදල් ගෙවීමට අපහසුවක් ඇතිි උවහොත් අප වෙත දැනුම් දී ඉවත් විය හැක.

තමන් කැමති මුදලක් ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට බැර කිරීම තුලින් ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය පවත්වාගෙන යාමට උපකාර කිරීම.

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රයාත්මක වන ආකාරය

අ) ගමන් වියදම් හා පාසැල් උපකරන ආදිය ලබා ගැනීම පිණිසත් එදිනෙදා වියදම් පිණිසත් රු.1650ක මුදලක් වෙන් වේ.

(ආ) එම ශිෂ්‍යත්වලාභී දරුවාට තමන් කැමති පිනක් සිදු කරනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ.

(ඇ) තමන්ගේ පවුලේ දෙමාපියන් සහෝදර සහෝදරියන් උදෙසා වැය කරනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ.

(ඈ) ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු කටයුතු උදෙසා වැය කරනු පිණිස රු.50ක මුදලක් වෙන් වේ.

(ඉ) එම දරුවාට දහම් පොතක් ලබා දෙනු පිණිස රු.100ක මුදලක් වෙන් වේ

(අ) ගමන් වියදම් හා පාසැල් උපකරන ආදිය ලබා ගැනීම පිණිසත් එදිනෙදා වියදම් පිණිසත් රු.820ක මුදලක් වෙන් වේ.

(ආ) එම ශිෂ්‍යත්වලාභී දරුවාට තමන් කැමති පිනක් සිදු කරනු පිණිස රු.75ක මුදලක් වෙන් වේ.

(ඇ) තමන්ගේ පවුලේ දෙමාපියන් සහෝදර සහෝදරියන් උදෙසා වැය කරනු පිණිස රු.75ක මුදලක් වෙන් වේ.

(ඈ) ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු කටයුතු උදෙසා වැය කරනු පිණිස රු.50ක මුදලක් වෙන් වේ.

(ඉ) එම දරුවාට දහම් පොතක් ලබා දෙනු පිණිස රු.80ක මුදලක් වෙන් වේ.

  • එසේම අදාල ප්‍රදේශයේ පෞගලික උපකාරක පංති ගුරුවරුන් හා ශ්‍රද්ධා රූපවාහිණිය අතර එකගත්වයක් ඇති කොටගෙන ශිෂ්‍යත්වලාභී දරුවාට නොමිලයේ සහභාගි වීමට අවස්ථාව සළසා දෙනු ලැබේ.

  • සෑම මාස 06කට වරක්ම පොත් පත් හා පාසල් උපකරණ ශිෂ්‍යත්ව ලාභියාට ලබා දීම සිදු වේ.

  • සෑම වසරකම පාසැල් නිළ ඇදුම් සහ සාමාන්‍ය ඇදුම් කට්ටලයක් ද ශිෂ්‍යත්ව ලාභියාට ලබා දෙනු ඇත.

  • ගුණ ධර්ම දියුණු කර ගැනීම නායකත්ව පුහුණුව ඉගෙනුම් ක්‍රම වේදයන් කියා දීම පිණිස වන වැඩමුළු පැවැත්වීම සිදුවේ.

  • එසේම උසස්පෙළ අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය සදහා හෝ වෘත්තීය අධ්‍යාපනයක් සදහා මග පෙන්වීම.

මාසික සදහම් තිලිණය