Kaduwela, Sri lanka.

පාසල් දූ පුතුන්ට අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ පුණ්‍යකර්මය.

2019/10/10 දින අනුරාධපුර විහාර බුලංකුලම විද්‍යාලයේ පවත්වන්නට යෙදුන දූ පුතුන්ට පාසල් උපකරණ සහ අධ්‍යාපනික උපකරණ බෙදා දීම සිදු වුණි. මෙහිදී ශ්‍රද්ධා සමාජ සත්කාර අරමුදලට මුදල් ලබා දුන් සුපින්වතුන්ගේ දායකත්ව මුදල් වලින් මෙම පිංකම කරන්නට යෙදිණි. රට, දැය, සාමය රැකගැනීමට උපන් හපන් උගත්, බුද්ධිමත් දරු පිරිසක් බිහිකිරීමේ උදාර අරමුණට උපකාර පිණිස ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශයේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම මහඟු පුණ්‍ය කර්මයෙන් රැස්වූ සියලූ පින් මේ සියලු උතුම් කාර්යයන් සඳහා නිබඳව අපහට කරුණාවෙන් අනුශාසනා කරමින් මාර්ගෝපදේශකත්වය ලබාදෙන්නා වූ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාව භාවනා අසපුවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් , අනගාරිකා මෑණිවරුන්ටත්, සැදැහැති දායකත්වය ලබා දුන් පින්වතුන්ටත්, ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශයේ පින්වතුන්ටත්, ශ‍්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලූම පින්වත් දරුවන්ටත්, එමෙන්ම ශ‍්‍රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන මාසික ධර්මදාන සාමාජික පින්වතුන් සියලුම දෙනාටත්, නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටත්, දැකබලා අනුමෝදන්වූ සියලුම දෙනාටත් මේ රැස් කළ සියලු පින් එක සේ අනුමෝදන් වෙත්වා ! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී මේ ගෞතම බුදුසසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!