Kaduwela, Sri lanka.

පින්වත් දුවේ පුතේ, උපදින්නට අනන්ත අප‍්‍රමාණ තැන් තිබිය දී ඔබ අප මිනිස් ලොව උපන්නා. එ වගේ ම උපදින්නට බොහෝ රටවල් තිබිය දී අප මේ හෙළදිව ම උපන්නා. එ සියල්ල අප සසරේ රැස් කළ මහා  පිනක ප‍්‍රතිඵලයක්. අප මිනිස් ලොවට නොපැමිණියා නම්, දෙව්ලොව ද මග හැරුණා නම් අපට පින් පව් ගැන, කුසල් අකුසල් ගැන මේ ආකාරයෙන් අසන්නට ලැබෙන්නේ නැහැ. එ වගේ ම යි… අප මේ මාතෘභූමිය නොලැබුවා නම්, එ්ත් අපට මේ සොඳුරු ධර්මය මේ ආකාරයෙන් මුණගැසෙන්නට තිබෙන්නේ බොහෝ ම පුංචි ඉඩකඩක්. ඇත්තෙන් ම, මුණනොගැසෙන්නයි වැඩි ම අවස්ථාව තිබෙන්නේ.