Kaduwela, Sri lanka.

‘උත්සහවන්තයා ජය ගනී’ කියන කියමන ඔයාලා නිතර අහලා තියෙනවා. දෙමව්පියෝ ගුරුවරු මේ කියමන නිතර ළමයින්ට අහන්න සලස්වන්නේ කම්මැලි නොවී ඉගෙනගෙන සාර්ථක මිනිස්සු වෙනවා දකින්න යි. පාසල් කාලෙ දී උත්සහයක් ගත්තේ නැත්නම් අනාගතේ හරිහැටි සාර්ථක කර ගන්න වෙන්නේ නෑ. නියම වෙලාවට ඉස්කෝලෙට යන්න, ගුරුවරු උගන්වන දේ හොඳට අහගෙන ඉන්න, උත්සහය උනන්දුව තියෙන්න ඕන. විභාග සමත් වෙන්න නම් බඩගිනි, නිදිමත ගැනවත් නොහිතා පාඩම් කරන්න උත්සහයක් තියෙන්න ඕන. ඒ උත්සහය නැති වුණොත් ළමයෙක්ට කවදාවත් තමන්ගේ අධ්‍යාපන කඩඉම් ජයගන්න බැරි වෙනවා.රස්සාවක් කරන කෙනෙක්ට වුණත් උත්සහය නොතිබුණොත් කවදාවත් දියුණු වෙන්න බෑ. මොන බාධක කම්කටොළු ආවත් තමන් කරන රස්සාවේ ඉහළම ප‍්‍රගතිය ලබන්න උත්සහ කරන්න ඕන. හැබැයි ඒ උත්සහය කාටවත් හිංසාවක් පීඩාවක් නැති අහිංසක උත්සහයක් වෙන්න ම ඕනි.