Kaduwela, Sri lanka.

පින්වත් දුවේ පුතේ,
ඔබ සෑම ආකාරයකින් ම දියුණුවට පත් වනවා දැකීම අප
කාගේත් අපේක්ෂාවක්. ඔබේ හිතසුව කැමති, ඔබේ යහපත කැමති
දෙමව්පිය, ගුරුවර, වැඩිහිටි පිරිස්, ඤති හිතමිත‍්‍රාදීන් හැම කෙනෙකු
ම ඔබේ ජයග‍්‍රහණවල දී බොහෝ සෙයින් සතුටට පත් වෙනවා. ඔබට
ආශීර්වාද ද කරනවා. අද අප ඔබට සිහිපත් කර දෙන්න සිතුවේ
ජීවිතයක සාර්ථකත්වය කෙරෙහි මේ ආශීර්වාදයන් කොතරම්
බලපානවා ද කියන කාරණය යි.