Kaduwela, Sri lanka.

0 +
Individual Projects
0 +
People Benefited
0 M +
Amount Raised in LKR
SCO - Shraddha Charity

ශ්‍රද්ධා සමාජ සත්කාර

සරණක් අවැසි ඔවුන් වෙනුවෙන් ඔබේ මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න!

අසරණ වීම ලෝක සත්වයාට උපතින්ම උරුම වූ දෙයක්. එය කෙසේ, කොතැන, කොයි වෙලාවක, කෙතරම් කාලයකට සිදුවේදැයි කියන්න බැහැ.
මොන විදියකට වුනත් අසරණබව පීඩාවක්මයි. මිනිසෙකුට හෝ වේවා, වෙනත් සතෙකුට හෝ වේවා ඒ පීඩාව දරාගනිමින් ජීවිතයට මුහුණ දීම මහත් අභියෝගයක්.

ඒ අභියෝගයට මුහුණ දීමට සරණක් අවැසි ඔවුන් වෙනුවෙන් ඔබේ මනුෂ්‍යත්වයට ඉඩ ලබාදෙන පුණ්‍ය තෝතැන්නයි, sco.lk

ලෝ සත වෙත පතල මහා කරුණාවෙන් මනු ලොව පහළ වී වදාළ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අපිරිමිත කරුණාවේ, දයාවේ මෙහෙවර සරණ කොට ගත් අපි, ඔවුන් වෙනුවෙන් අපගේ යුතුකම් ඉටු කරමු ……

අපගේ ප්‍රධාන ව්‍යාපෘතීන්

ප්‍රධාන කාණ්ඩ හයක් යටතේ ක්‍රියාවට නැංවෙන අතර ඒ ඒ කාණ්ඩයන් හි පරමාර්ථ හා ක්‍රමවේදයන් හා ක්‍රියාත්මක වන ආකාරය ඒ ඒ සබැඳි ඔස්සේ විස්තරාත්මකව දැනගත හැකිය.

පිවිතුරු පැන් පූජා

බැර ලෝහ මිශ්‍රිත ජලයෙන් ඇතිවන වකුගඩු රෝගය අවම කිරීම උදෙසා සිදු කෙරෙන පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍ය ව්‍යාපෘතිය.

අධ්‍යාපන ශිෂ්‍යත්ව

ඉගෙනීමට දක්ෂ, නමුත් ආර්ථික අපහසුතා ඇති දූදරුවන්ගේ අධ්‍යාපනයට සවියක් ලබා දෙන ශිෂ්‍යත්ව වැඩසටහන.

රුධිර දාන

ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිරය ලැබෙන මාස අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුරු මාලාව.

අභය දාන

අහිංසක සතුන් මරණයෙන් නිදහස් කර ජීවිත දානය ලබා දෙමින් සිදුකරන අභය දාන පුණ්‍ය ව්‍යාපෘතිය.

ගිලාන දාන

රෝග පීඩා ඉදිරියේ අසරණ වන අපේම සහෘද ජනතාවට සරණක් වෙමින්, උපකාර කිරීම උදෙසා ක්‍රියාත්මක වන පුණ්‍ය ව්‍යාපෘතිය.

අසරණ සරණ

උපකාරයක් අවැසි කළ උපකාර අවැසි අය උදෙසා උපකාර කිරීමේ අරමුණින් දියත් කරන පුණ්‍ය ව්‍යාපෘතිය.

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා

මෙම පුණ්‍ය ව්‍යාපෘතිය ඔස්සේ දුෂ්කර පළාත් වල ඇති පාසැල් සහ විහාරස්ථාන සදහා වන්දනා කිරීමට අවශ්‍ය සම්බුද්ධ ප්‍රතිමා ලබා දීම සිදු කරයි.

ශිල්ප යාත්‍රා

ඉගෙනීමට දක්ෂ අඩුආදායම් ලාභී පවුල් වල සිටින ළමුන් ට සහ දුෂ්කර පළාත් වල ඉගෙන ගන්නා දුවා දරුවන්ට අධ්‍යාපන උපකරණ නොමිලේ ලබාදීම මෙම පුණ්‍ය ව්‍යාපෘතියේ අරමුණයි. 

සුව යාත්‍රා

රුධිර පාරවියලන කටයුතු සඳහා පොලොන්නරුව වකුගඩු රෝහලට රෝගීන් රැගෙන ඒමට ප්‍රවාහන පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි. 

SCO නවතම ව්‍යාපෘතීන්

ශ්‍රද්ධා සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ අවසන් කළ නවතම වැඩසටහන් වල තොරතුරු

SCO නවතම වීඩීයෝ

ඔබේ මනුෂ්‍යත්වයට ඉඩ දෙන්න

ජීවිතය දකින්න, ජීවිතය දිනන්න, ඔබේ මනුෂ්‍යත්වයේ ඉඩ ඔවුන් වෙත ලබා‍ දෙන්න.