Kaduwela, Sri lanka.

පින්වත් දුවේ පුතේ, ඔබට ලබා දෙන්නට මේ පණිවිඩය සටහන් තබන්නේ ලොව පුරා පැතිරී යන මාරාන්තික නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරස රෝගය නිසා කැළඹිලි සහගත තත්ත්වයක් ලෝකයේ උද්ගත වී තිබිය දී යි. දහස් ගණනක් මිනිස් ජීවිත මේ වන විටත් අහිමි කරන්නටත්, ආසාදනය කරන්නටත් එම වෛරසයි හැකි වෙලා.. චීනයත්, දකුණු කොරියාවත් මෙම රෝගයේ ඉක්මන් පැතිර යාම නිසා බලවත් ගැටලුවටල මුහුණ දී සිටිනවා. පර්යේෂකයන් අනතුරු අඟවන්නේ ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක් මෙම රෝගයට ගොදුරු වන්නට වැඩි ඉඩක් තිබෙන බව යි.