Kaduwela, Sri lanka.

ශ්‍රද්ධා ගිලාන දාන

නිරෝගීව සිටින කාලය, රෝගී වීමෙන් අවසන් වේ. එදිනෙදා කටයුතු අභියෝගයට ලක් කරමින් නොයෙකුත් අපහසුතා ගොන්නකට රෝගී වූ පුද්ගලයාව ගෙන යයි. සමහරවිට ජීවිත කාලය පුරා විඳවන්නට සිදුවන රෝගද, බෝවන, බෝ නොවන ආදී ලෙස නොයෙකුත් ආකාරයෙන් හටගන්නා රෝග පීඩාවන් සුව කරගැනීමට හෝ පාලනය කරගැනීමට වෙහෙසෙන ඔවුන්ගේ ජීවිතවලට බලපාන තවත් එක් අභියෝගයක් වන්නේ ආර්ථික පරිහානියයි. ඒ සියල්ල  මධ්‍යයේ නැගී සිටින්නට වෙර දරන ඔවුන්ට  කළ හැකි යම් උපකාරයක් වේද එම උපකාරය ඔවුන් කරා රැගෙන යාම පිණිස ඔබටත් කළ හැකි දේ වෙනුවෙන් අප ගොඩනැගූ තවත් එක් සත්කාරයකි ශ්‍රද්ධා ගිලාන දාන වැඩසටහන.  ශ්‍රද්ධා ගිලාන දාන යටතේ නොයෙකුත් ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියාවට නැංවෙන වැඩසටහන් සඳහා ඔබටත් අප හා එක්විය හැක.

+ 0
ශ්‍රද්ධා ගිලාන දාන පින්කම්
Assisting the sick

කැඳ හා උදෑසන ආහාර ලබාදීම.

ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් සෑම මසකම කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්වේ.

ශ්‍රද්ධා ගිලාන දාන වීඩීයෝ

බුද්ධෝපස්ථාන සදහම් යාත්‍රා

Assisting the sick

මෙම උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය.

  • විමසීම් - 071 437 1522
  • විද්‍යුත් ලිපිනය - info@shraddha.lk
  • ලිපිනය -ශ්‍රද්ධා රූපවාහිනිය, අංක 369, කඩුවෙල
DONATE