Kaduwela, Sri lanka.

මව්බිම වෙනුවෙන් එක්වෙමු – ආපදා සහන සේවය

“දිට්වා” සුළි කුණාටුව හා ගං වතුරෙන් පීඩාවට පත් ලක්වැසියන් උදෙසා මේ දක්වා මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්රද්ධා මාධ්ය ජාලය එක්ව සිදු කළ සහන සේවය.
කෝටි 11 කට අධිකයි..
පීඩාවට පත් වූ ජනතාවට සරණක් අවැසි ම මොහොතේ මෙසේ සරණක් වූ වගයි… සියලු දෙනා සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා..!

වැඩි විස්තර සඳහා පිවිසෙන්න…..

 මහියංගණය මූලික රෝහල වෙත Covid 19 ආරක්ෂිත උපකරණ ලබා දීමේ පින්කම

Covid 19 ආරක්ෂිත උපකරණ ලබා දීමේ පින්කමක් 2021-08-06 දින ශ්රද්ධා රූපවාහිනී පරිශ්රයේදී පැවැත්විය. මෙම උපකරණ පරිත්යාග කරනු ලැබුවේ මහියංගණය මූලික රෝහල මගින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි. මෙම පින්කමේ දී ලක්ෂ 15 කට අධික වටිනා කමකින් යුත් වෛද්ය උපකරණ තොගයක් පරිත්යාග කරන්නට යෙදුණි. මව්බිම වෙනුවෙන් පුණ්ය ව්යාපෘතිය යටතේ පැවැත්වුණු මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

කුප්පියාවත්ත ප්‍රදේශයේ ජීවත් වන පවුල් 50ක් වෙත වියලි ආධාර ලබා දීම.

අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පූර්ණ දායකත්වයෙන් වියලි ආහාර ද්රව්ය සහ අත්යවශ්ය භාණ්ඩ සහිත මලු 50 ක් 2022-10-29 දින විජයගුණරත්න භික්ෂු ආශ්රමයේදී කුප්පියාවත්ත ප්රදේශයේ සහ ඒ අවට ජීවත් වන උපකාර අවශ්ය පවුල් 50 ක් වෙත පූජා කිරීම සිදු කරනු ලැබීය. එහිදී එක් පවුලකට සහල්, පරිප්පු, සීනි, තේ කොළ, නුඩ්ල්ස්, සෝයාමීට්, පොල් , ලුණු, සබන්, ටූත්පේස්ට්, ටූත්බ්රෂ්, පැනඩෝල්, අසමෝදගම්, පාවහන් යුගලක්, මදුරුවන්ගෙන් ආරක්ෂාවීමට දැල් යන දෑ අඩංගු බොහෝ වටිනාකමක් සහිත මල්ලක් ලබා දෙන ලදී.
මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා ! සුවසේම උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා ! දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා!

ශ‍්‍රද්ධා සම්බුද්ධ ප‍්‍රතිමා පූජා පින්කම 2020-11-30

ශ‍්‍රද්ධා සම්බුද්ධ ප‍්‍රතිමා පූජා පින්කම 2020-11-30

ශ්රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්රතිමා පූජා පිංකම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් 2020-11-30 වන දින ශ්රද්ධා රූපවාහිනී පරිශ්රයේදී පැවැත්විය. මෙම පින්කම සඳහා දායකත්වය දැරුවේ මාතුපාල ලේකම්වසම් බාලා ලේකම්වසම් සහ අශානි/වීරන්ත සහ පොඩි දියණිය අවන්ති දිල්මිනි/ජනෙක් යන අයයි. මෙම උතුම් පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනටත්, දායකත්වය දැක්වූ සුපින්වත් සියලු දෙනාටත් දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !

කන්දකාඩු විශේෂ ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ පින්කම

කන්දකාඩු විශේෂ ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ පින්කම

පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පාලනය වන කන්දකාඩු විශේෂ ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ පින්කම. 2020-11-19 දින මව්බිම වෙනුවෙන් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ පැවැත්වුන මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

කලුබෝවිල රෝහල සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ පරිත්‍යාග පින්කම

කලුබෝවිල රෝහල සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ පරිත්‍යාග පින්කම

කලුබෝවිල රෝහල සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ පරිත්‍යාග පින්කම 2020-11-13 දින මව්බිම වෙනුවෙන් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ පැවැත්වුන මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

කාසල් වීදියේ කාන්තා රෝහලට උපකරණ පරිත්‍යාග කිරීම 2020-11-08

කාසල් වීදියේ කාන්තා රෝහලට උපකරණ පරිත්‍යාග කිරීම 2020-11-08

කාසල් වීදියේ කාන්තා රෝහලට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මය මව්බිම වෙනුවෙන් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ පැවැත්වුන මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

නුවරඑළිය මහ රෝහල සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම….

නුවරඑළිය මහ රෝහල සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම....

ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය අප මාතෘභූමියෙන් තුරන් කරනු පිණිස, ‘‘මව්බිම වෙනුවෙන් එක්වෙමු “උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ 2020-09-23 දින නුවරඑළිය මහ රෝහල සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය (KN95 Face Mask – 60, PPE – 50, Face Shields – 50, Steam Inhaler – 50, Bed Sheets – 50, Half Shoes – 10, Hand Sanitizers – 4L, TCL Spray Machine – 01 සහ Cloths for Pijama Kits) පරිත්‍යාග කිරීම ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය. මේ උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස ඉතාමත් මෙත් සිතින් දායකත්වය ලබා දුන් සෑම සියලු දෙනාටත්, මේ සඳහා සම්බන්ධ වූ ආයතනවල සියලු කාර්ය මණ්ඩල වලටත් , එම පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් රැස් වූ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා .! මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

ශ‍්‍රද්ධා සම්බුද්ධ ප‍්‍රතිමා පූජා පින්කම 2020-09-13

ශ‍්‍රද්ධා සම්බුද්ධ ප‍්‍රතිමා පූජා පින්කම 2020-09-13

ශ‍්‍රද්ධා සම්බුද්ධ ප‍්‍රතිමා පූජා පින්කම 2020-09-13 ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් 2020-09-13 වන දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්විය. මෙම පින්කම සඳහා දායකත්වය දැරුවේ මැලේසියාවේ පදිංචි නිරංජලී මොනිකා ඩී සිල්වා, රෙනෝල්ඩ් ඩී සිල්පා, අරුණි ඩී සිල්වා යන පවුලේ අය විසින් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ප්‍රභාත් නිස්සංක, චාරිකා වනිගසේකර සහ කියානා දහම්සා දියණිය යන පවුලේ අය විසින්ය. මෙම පිළිම වහන්සේලා පූජා කරනු ලැබුවේ රඹෑව, සදමල්ගම බෝධිරුක්ඛාරාම විහාරයටත්, මදුරන්කුලිය, දසනායකපුර ශ්‍රී කලණධම්ම විවේකාසනයටත් ය. මෙම උතුම් පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනටත්, දායකත්වය දැක්වූ සුපින්වත් සියලු දෙනාටත් දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !

ආරක්ෂිත ඇඳුම් සහ ආරක්ෂක උපකරණ පරිත්‍යග කිරීමේ පිංකම

ආරක්ෂිත ඇඳුම් සහ ආරක්ෂක උපකරණ පරිත්‍යග කිරීමේ පිංකම

මේ දින වල ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය අප මාතෘභූමියෙන් තුරන් කරනු පිණිස, ‘‘මව්බිම වෙනුවෙන් එක්වෙමු “උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ 2020-07-16 දින නැගෙනහිර ආඥාපතිතුමන්ගේ ඉල්ලීම පරිදි කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සහ ආශ්‍රිත කඳවුරුවල සේවය කරනා හමුදා නිළධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ ආරක්ෂක උපකරණ (PPE කට්ටල 1250, Face Masks 500, Face shield 1500, Washing Machine 03 සහ දහම් පොත් කට්ටල 20) ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය. මෙම පුණ්‍ය උත්සවය කර්නල් ගමගෙදර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විය. මේ උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස ඉතාමත් මෙත් සිතින් දායකත්වය ලබා දුන් සෑම සියලු දෙනාටත්, මේ සඳහා සම්බන්ධ වූ ආයතනවල සියලු කාර්ය මණ්ඩල වලටත් , එම පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් රැස් වූ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා .! මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා