Kaduwela, Sri lanka.

කන්දකාඩු විශේෂ ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ පින්කම

පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පාලනය වන කන්දකාඩු විශේෂ ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ පින්කම. 2020-11-19 දින මව්බිම වෙනුවෙන් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ පැවැත්වුන මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!