Kaduwela, Sri lanka.

ආරක්ෂිත ඇඳුම් සහ ආරක්ෂක උපකරණ පරිත්‍යග කිරීමේ පිංකම

මේ දින වල ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය අප මාතෘභූමියෙන් තුරන් කරනු පිණිස, ‘‘මව්බිම වෙනුවෙන් එක්වෙමු “උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ 2020-07-16 දින නැගෙනහිර ආඥාපතිතුමන්ගේ ඉල්ලීම පරිදි කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සහ ආශ්‍රිත කඳවුරුවල සේවය කරනා හමුදා නිළධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ ආරක්ෂක උපකරණ (PPE කට්ටල 1250, Face Masks 500, Face shield 1500, Washing Machine 03 සහ දහම් පොත් කට්ටල 20) ප්‍රමාණයක් පරිත්‍යාග කිරීම ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය. මෙම පුණ්‍ය උත්සවය කර්නල් ගමගෙදර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විය. මේ උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස ඉතාමත් මෙත් සිතින් දායකත්වය ලබා දුන් සෑම සියලු දෙනාටත්, මේ සඳහා සම්බන්ධ වූ ආයතනවල සියලු කාර්ය මණ්ඩල වලටත් , එම පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් රැස් වූ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා .! මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා