Kaduwela, Sri lanka.

නුවරඑළිය මහ රෝහල සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම....

ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය අප මාතෘභූමියෙන් තුරන් කරනු පිණිස, ‘‘මව්බිම වෙනුවෙන් එක්වෙමු “උතුම් පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ 2020-09-23 දින නුවරඑළිය මහ රෝහල සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය (KN95 Face Mask – 60, PPE – 50, Face Shields – 50, Steam Inhaler – 50, Bed Sheets – 50, Half Shoes – 10, Hand Sanitizers – 4L, TCL Spray Machine – 01 සහ Cloths for Pijama Kits) පරිත්‍යාග කිරීම ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේ දී සිදුවිය. මේ උතුම් කටයුත්ත සාර්ථක කර ගැනීම පිණිස ඉතාමත් මෙත් සිතින් දායකත්වය ලබා දුන් සෑම සියලු දෙනාටත්, මේ සඳහා සම්බන්ධ වූ ආයතනවල සියලු කාර්ය මණ්ඩල වලටත් , එම පවුල්වල සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් රැස් වූ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායු සම්පත් සැලසෙත්වා .! මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!