Kaduwela, Sri lanka.

සිරිපා වන්දනා කරන පින්වතුන්ට ගිලන් ඇඳන් පූජා කිරීමේ පින්කම

සැදැහැවත් පින්වතුන් 12 දෙනෙකු විසින් පරිත්‍යාග කරන ලද රු. 350,000 ක මුදලකින් එක් ඇඳක වටිනාකම රු. 17500 ගිලන් ඇඳන් 20 ක් ශ්‍රද්ධා රූපවාහිනීයේදී පූජා කරන්නට යෙදුන අතර නල්ලතන්නිය සිට සිරිපා මලුව දක්වා ගමන් මාර්ගයේ සිරිපා කරුණා කරන පින්වතුන් අතරමගදී රෝගී බවට පත්වුවහොත් ගමන් පහසුව සලසාගනු පිණිසත්ල සිරිපා කරුණාකරන අතරතුරදී රෝගී වන අයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවකදී අදාළ ස්ථානයක් වෙත රැගෙන යනු පිණිසත් මෙම ගිලන් ඇඳන් නල්ලතන්නිය පොලිසිය වෙත භාර දෙන ලදී. මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා ! මෙවැනි පින්කම් සදහා පින්වත් ඔබත් දායක වීමට කැමති නම් මෙම දුරකථන අංකය 071 – 437 1522 අමතන්න..