Kaduwela, Sri lanka.

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සහ මොලොග්ගමුව කණිශ්ඨ විද්‍යාලයගේ ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් සහ එම විද්‍යාලයේ සිසු සිසුවියන් සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය. මෙහිදි එම පාසලට පිළිම වහන්සේ නමක් සහ එම පිළිම වහන්සේ තැන්පත් කරන්නට බුදු කුටියක් සාදා පූජා කරන්නට යෙදුණු අතර පිලිම වහන්සේ සදහා දායකත්වය දැක්වූයේ පින්වත් බලංගොඩ රංජිත් මහත්මා විසිනි. මෙයින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!