Kaduwela, Sri lanka.

පළවෙනි අභයදානමය පින්කම – 2015-05-17

මරණයට කැපවූ අහිංසක සතුන් බේරා ගැනීමේ අරමුණින් ආරම්භ වුනු ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය කර්මය යටතේ තවත් අභයදානමය පුණ්‍ය කර්මයක් වෙසක් මස 07 වැනිදා ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයෙහි දී පැවැත්වුනි. එහි දී මරණයට කැපවූ අසරණ ගවයන් පැටවුන් ඇතුළු ජීවිත 6 බේරා ගැනීමට අපට හැකි විය. මේ උතුම් පුණ්‍ය කර්මයෙන් රැස් වූ සියලු පින් සියලු දෙවියන්ට ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ද මේ සඳහා නන් අයුරින් දායක වූ සියලු පින් වතුන්ට ද, දැක බලා සතුටු වන සියලු දෙනාට ද අනුමොදන් වී සසරේ කිසි කලෙක අකල් මරණයක්, දුක්ඛිත ඉරණමක් අත් නොවේවා! නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා! වහ වහා සසර දුකින් අත මිදෙත්වා! මීළඟ අභදානමය පුණ්‍යකර්මය මෙම මස 27 (2015-05-27) දින පැවැත්වීමට බළාපොරොත්තු වේ!!!

ශ්‍රද්ධා අභයදාන ගැන වැඩ විස්තර : info@shraddha.lk: www .shraddha.lk: 0714 371 522 වෙතින් ලබා ගත හැකි යි.