Kaduwela, Sri lanka.

පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය

මාරාන්තික වකුගඩු රෝගයට ගොදුරු වීමේ අවධානමෙන් පසුවෙන
අපේම රටේ අසරණ ජනතාවට පිහිට වනු පිණිස පිරිසිදු පානීය ජලය ලබා දීමේ සත්කාර්යය! බැර ලෝහ මිශ්‍ර ජලය පිරිපහදු කොට ජනතාව වෙත ලබා දීමත්, ජලය දුෂ්කර ප්‍රදේශ වලට ජල පහසුකම් සැපයීමත් මෙම ව්‍යාපෘතියේ මූලික කාර්ය භාරයයි.

+ 0
ජලය ලීටර් කෝටි 8 ක්
0
පිරිපහදු මධ්‍යස්ථාන.

ඔවුනට උපකාර කළ යුත්තේ ඇයි ?

කාලයක් තිස්සේ ගොවිතැන් උදෙසා යොදන ලබන රසායනික පොහොර හා කෘමිනාශක ආදිය නිසා එම භූගත ජලයට කෘෂි රසායනිකයන්ගේ අඩංගු ආසනික්, කැඩ්මියම්, රසදිය ආදී මිනිස් සිරුරට අහිතකර විෂ සහිත ලෝහ ද්‍රව්‍යයන් එක්ව තිබෙන බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

වකුගඩු රෝගීන් 150000 ක් පමණ උතුරුමැද පළාතෙහි සිටිනවා. 20000 පමණ ප්‍රමාණයක් වාර්ෂිකව රෝගය නිසා මිය යනවා.

මාරාන්තික වකුගඩු රෝගයට අහිංසක මිනිස් ජීවිත බිලිගැනීමට තවත් ඉඩ දෙනවාද?

ඔවුනට උදව් කළ යුත්තේ ඇයි ?

උතුරුමැද පළාත යනු ශ්‍රී ලංකාවේ සහල් ඇතුළු ආහාර නිෂ්පාදනයට අතිශයින් දායක වන ප්‍රදේශයකි.. මෙම ප්‍රදේශයෙහි ජීවත්වන ජතතාව අතරින් බොහෝ දෙනෙක් එදිනෙදා ගොවිතැන් බත් සිදුකරන අහිංසක ගොවියන්ය. මෙම ප්‍රදේශයේ ජලය ස්වභාවයෙන්ම කිවුල් රසයෙන් යුක්ත වේ. එනම් මේ ප්‍රදේශයෙහි ඇති ජලයෙහි රසායනික සංයෝගය සාපේක්ෂව ඉහළ අගයක් ගනී. එසේ ම කාලයක් තිස්සේ ගොවිතැන් උදෙසා යොදන ලබන රසායනික පොහොර හා කෘමිනාශක ආදිය නිසා එම භූගත ජලයට කෘෂි රසායනිකයන්ගේ අඩංගු ආසනික්, කැඩ්මියම්, රසදිය ආදී මිනිස් සිරුරට අහිතකර විෂ සහිත ලෝහ ද්‍රව්‍යයන් එක්ව තිබෙන බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.

එම ප්‍රදේශයේ ජීවත් වන ජනයා පානය කිරීමට මෙන්ම ආහාර පිසීමට ද යොදා ගනු ලබන්නේ මෙසේ අපවිත්‍ර වී ඇති ජලය යි. එම හේතුවෙන් උතුරු මැද පළාතෙහි බොහෝ ප්‍රදේශවල අහිංසක මිනිසුන් බොහෝ ප්‍රමාණයක් වකුගඩු රෝගයට ගොදුරු වී තිබේ. මෙය කෙතරම් ව්‍යසනකර ස්වභාවයකට පත් ව තිබෙන්නේ දැයි කිවහොත්, පදවිය පරාක්‍රමපුර වැනි ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ගෙන් 20% ක වැනි ප්‍රමාණයක් ම වකුගඩු රෝගයෙන් පීඩා විඳින බව හඳුනාගෙන ඇත.

මේ ව්‍යසනයෙන් අපගේ සහෘද ජනතාව ගලවාගැනීමට අපට නොයෙක් අයුරින් උපකාර කළ හැකි ය. ඒ යටතේ සිදු කළ හැකි ප්‍රධානතම කටයුත්තක් වන්නේ එම ප්‍රදේශවල වාසය කරන අහිංසක ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට උපකාර කිරීම යි.

මේ වන විටත් ඇතැම් ගම්මාන වල කුඩා පානීය ජල පිරිපහදු ඒකක ස්ථාපිත කොට තිබේ. නමුත් ඒවාගේ ධාරිතාවය පානීය ජල අවශ්‍යතාවය පිණිස ප්‍රමාණවත් නොවේ. එම කුඩා පිරිපහදු ඒකක ඉදිරිපිට වතුර පිරෙන තෙක් ගැමියන් විසින් තබා ඇති වතුර භාජන පිරීමට විශාල කාලයක් ගත වන අතර කුඩා දූ දරුවන් පවා දුර ඈත සිට එම ස්ථාන කරා මහමග ගෙවා පැමිණෙති. පදවිය ප්‍රදේශයේ එසේ ස්ථාපිත කොට ඇති කුඩා ඒකකයක් ඉදිපිට තබා ඇති වතුර භාජන සහ සිය දරුවන් සමග වතුර රැගෙන යෑමට පැමිණ සිටින අම්මා කෙනෙක් ඉහත ඡායාරූපයන්ගෙන් දැක්වේ.

මෙම ප්‍රදේශවල ජීවත්වන ජනයාගෙන් බොහෝ පිරිසක් එදාවෙල හරිහම්බ කරගන්නේ ද අපහසුවෙනි. මේ නිසා ඔවුනට ම කියා විශාල පිරිපහදු ඒකක තනා ගැනීමට ඔවුනට වත්කමක් හෝ හැකියාවක් නො මැත. එම අසරණ මිනිසුන්ට ඔබේ උපකාර අවශ්‍ය වන්නේ එනිසා ය. හැකි පමණින් දායක වී ඔවුන් උදෙසා පානීය ජල පිරිපහදු ඒකක තනා දිය හැකි නම් එය මනුෂ්‍යත්වය වෙනුවෙන් සිදු කෙරෙන උත්තරීතර පරිත්‍යාගයක් වනු ඇත.

ඔබටත් දායක විය හැක්කේ කෙසේද ?

අප දේශයේම එක් කෙළවරක වාසය කරන බීමට පිරිසිදු පැන් පොදක් නොමැති අහිංසක ජනතාවට පිළිසරණක් වන්නට අප විසින්  ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය අරඹන ලදී. ඒ ඔස්සේ දූෂිත ජලය පරිහරණයෙන් වකුගඩු රෝගය වැළදෙන පළාත් වල ජල පිරිපහදු කිරීමේ ඒකක සවි වනු ඇත. විශේෂයෙන්ම මෙහිදී ආසනික් කැඩ්මියම් වැනි බැරලෝහ වර්ග පවා ඉහළ ප්‍රමාණයන්ගෙන් ජලයට මිශ්‍ර වී ඇති නිසා ඒවා ඉවත් කරනු පිණිස රිවර්ස් ඔස්මොසිස් (RO) නම් තාක්ෂණය භාවිතා කිරීමට සිදුවේ.

අපගේ ව්‍යාපෘතින්

98 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය

98 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රිය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම

Read More »

97 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය

97 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රිය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම

Read More »

96 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය

96 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රිය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම

Read More »

ශ්‍රද්ධා ප්‍රතිමා පූජා

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කම 2022-01-20 ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් 2022-01-20 වන

Read More »

පිවිතුරු පැන් පූජා – 63 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය

පිවිතුරු පැන් පූජා – 63 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය බැර ලෝහ මිශ්ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්රිය වීමේ

Read More »

පිවිතුරු පැන් පූජා – 62 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය

පිවිතුරු පැන් පූජා – 62 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය බැර ලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රිය වීමේ

Read More »

නිදන්ගත වකුගඩු රෝගය – Chronic kidney disease

කෘෂි රසායනික භාවිතය නිසා අධිසාන්ද්‍රණයෙන් එක්ව ඇති බැර ලෝහ සහිත අපිරිසදු ජලය පානය හේතු කොටගෙන ලංකාවේ උතුරු මැද පළාත ප්‍රමුඛ පළාත් කිහිපයක දැනට සීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය හඳුන්වනු ලබන්නේ, “නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney disease – CKD)“ ලෙස ය. මෙය පසුගිය වසර 8-10 පමණ කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති රෝගයකි. මෙම රෝගයට නිශ්චිත හේතුවක් මෑතක් වනතුරු ම හඳුනාගෙන නොතිබුණු හෙයින් එය හඳුනානොගත් වකුගඩු රෝගය ලෙස හදුන්වන්නට යෙදුනි.

මෙම වකුගඩු රෝගය අනෙකුත් වකුගඩු රෝගයන්ට වඩා වෙනස් වනුයේ, දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකර රෝගියා තුළ සැඟව පවතිමින් ක්‍රමයෙන් වැඩි දියුණු වී මාරාන්තික තත්වයට පත්වන නිසා ය. විශේෂයෙන් ම මෙම රෝගය තරුණ වයසේ පසුවන අයගේ සිට, කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා කරන වයස අවුරුදු 40-60 දක්වා වයස් කාණ්ඩවල පසුවන අය දක්වා ම බහුල වශයෙන් දැකිය හැකි ය. රෝගය පළමුවරට වාර්තා වූයේ 1992 වර්ෂයේ වන අතර මේ වන විට එය දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත අනතුරෙහි හෙළා තිබේ

වැඩිදුර තොරතුරු සඳහා

නිදන්ගත වකුගඩු රෝගය 

කෘෂිරසායනික භාවිතය නිසා අධිසාන්ද්‍රණයෙන් එක්ව ඇති බැර ලෝහ සහිත අපිරිසදු ජලය පානය හේතු කොටගෙන ලංකාවේ උතුරු මැද පළාත ප්‍රමුඛ පළාත් කිහිපයක, දැනට සීඝ්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගය හඳුන්වනු ලබන්නේ, “නිදන්ගත වකුගඩු රෝගය ( Chronic Kidney disease – CKD )“ ලෙස ය. මෙය පසුගිය වසර 8-10 පමණ කායලක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බෝ නොවන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති රෝගයකි. මෙම රෝගයට නිශ්චිත හේතුවක් මෑතක් වනතුරු ම හඳුනාගෙන නොතිබුණු හෙයින් එය හඳුනානොගත් වකුගඩු රෝගය ලෙස හදුන්වන්නට යෙදුනි. මෙම වකුගඩු රෝගය අනෙකුත් වකුගඩු රෝගයන්ට වඩා වෙනස් වනුයේ, දීර්ඝ කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් නොකර රෝගියා තුළ සැඟව පවතිමින් ක්‍රමයෙන් වැඩි දියුණු වී මාරාන්තික තත්වයට පත්වන නිසා ය. විශේෂයෙන් ම මෙම රෝගය තරුණ වයසේ පසුවන අයගේ සිට, කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා කරන වයස අවුරුදු 40-60 දක්වා වයස් කාණ්ඩවල පසුවන අය දක්වා ම බහුල වශයෙන් දැකිය හැකි ය. රෝගය පළමුවරට වාර්තා වූයේ 1992 වර්ෂයේ වන අතර මේ වන විට එය දහස් සංඛ්‍යාත පිරිසකගේ ජීවිත අනතුරෙහි හෙළා තිබේ.

නිදන්ගත වකුගඩු රෝගයේ දී වකුගඩුව එක්වරම අක්‍රීය තත්වයට නොවේ. වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් ක්‍රියාවිරහිත වීම සිදු වේ. රෝගය මගින් වකුගඩු අක්‍රිය වීම මූලික පියවර 5ක් ඔස්සේ සිදු වන බව විශේෂයෙන් හඳුනාගෙන තිබේ. රෝගය පස්වන හෙවත් අවසාන පියවරට පත් වූ විට එය වකුගඩු අක්‍රිය වීම, අවසන් අදියරෙහි වකුගඩු රෝගය, ආදී වශයෙන් හඳුන්වනු ලැබේ. එම අවදියෙහි දී වකුගඩුවල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් ම හෝ සම්පූර්ණයෙන් ම අක්‍රියවීමට ආසන්න මට්ටමට හෝ පත්වේ! වකුගඩු රෝගය මෙසේ පස්වන අවදියට පත් වූ විට එම රෝගීන් ජීවත්කරවීම පිණිස නිරන්තරයෙන් රුධිර කාන්දුකරණය මගින් රුධිරය පිරිසිදු කිරීම හෝ වකුගඩුවක් බද්ධ කිරීම අනිවාර්යයෙන් කළ යුතු මට්ටමට පත්වේ! මෙම වකුගඩු රෝගය කාලක් තිස්සේ ක්‍රමයෙන් වැඩි දියුණු වන නිසා රෝගීන්ගෙන් බොහෝ පිරිසක්, අවසන් අදියරට පත්වන තෙක් ම රෝගයට ගොදුරුව ඇති බව හඳුනාගන්නේ නැත.

උතුරුමැද පළාතේ ශිඝ්‍රයෙන් ව්‍යාප්තවන වකුගඩු රෝගය..

අනුරාධපුර දිස්ත්‍රික්කය උතුරින් වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ද, දකුණින් කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලට ද, බටහිරින් පුත්තල ම සහ මන්නාරම දිස්ත්‍රික්ක වලට ද නැගෙනහිරින් පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට ද මායිම්ව පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කය ලංකාවේ විශාලතම පරිපාලන දිස්ත්‍රික්කය යි. එය රටෙහි මුලු වර්ගඵලයෙන් 10% පමණ ආවරණය කරන අතර වර්ග කි.මී. 7,179 ක වපසරියකින් යුක්ත ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනගහණය දළ වශයෙන් 860,000 ක් පමණ වේ. ආසන හතකින් ද ග්‍රාමනිලධාරී කොට්ටාශ 649 කින් ද සමන්විත අනුරාධපුර දිස්ත්‍රික්කය බොහෝකොටම කෘෂිකර්මාන්තය මත රදා පවතින ප්‍රදේශයකි.

මේ වන විට වාර්තාගත වැඩිම වකුගඩු රෝගීන් ප්‍රමාණයක් සිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ය. දළ වශයෙන් සෑම වසරක දී ම අලුතෙන් රෝගීන් 1350 ක පමණ ප්‍රමාණයක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වේ. ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් 20%ක පමණ ප්‍රමාණයක් වකුගඩු රෝගයෙන් පෙළෙන බව වාර්තාවේ. වෛද්‍ය රණසිංහ මහතාගේ දත්තයන්ට අනුව මැදවච්චිය ප්‍රදේශයෙන් පමණක් රෝගීන් 2823 ක් ද, පදවිය ප්‍රදේශයෙන් රෝගීන් 2464 ක් ද කැබිතිගොල්ලෑවෙන් රෝගීන් 933 ක් මේ වන විට හදුනාගෙන ඇත. මෙය කෙතරම් බරපතල තත්වයකට පත්ව ඇද්ද කිවහොත් වසරක පමණ කාලයක තුළ දී අනුරාධපුර ප්‍රදේශයේ රෝගීන් 2000ක් පමණ වකුගඩු රෝගය නිසා මිය යෑම සිදුවේ. එම අගයන් රෝහල් තුළ මිය යන අයගේ වාර්තාවලින් පමණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අමතරව පොලොන්නරුව, ගිරාඳුරුකෝට්ටේ, අම්පාර ආදී ප්‍රදේශවලින්ද වකුගඩු රෝගීන් බහුළ වශයෙන් වාර්තා වේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ථ ජනගහනයෙන් 25% පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බව සමීක්ෂණ මගින් හෙළිදරව් වී ඇත. මෙය ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ වාර්තාගත ඉහළ ම අගයයි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට අනුව සමස්ථ උතුරුමැද පළාතෙහි වකුගඩු රෝගීන් 150,000 ක් පමණ සිටිති. 20,000 පමණ ප්‍රමාණයක් වාර්ෂිකව රෝගය නිසා මිය යති. තවද උතුරු මැද පළාතේ බොහෝ රෝහල් වකුගඩු රෝගීන්ගෙන් පිරී පවතින බව එම රෝහල් වලට යන ඕනෑම අයෙකුට දැකගත හැකි ය.

දැන් මෙය වසර දීර්ඝ කාලයක් තිස්සේ ලාංකීය ජනතාව පීඩාවට පත් වූ යුද්ධයට ද වඩා දරුණු ලෙස ජීවිත බිලිගන්නා ව්‍යසනයක් වී හමාරය. රෝගයට ගොදුරු වන අයගෙන් බහුතරය, වයස අවුරුදු 30-50 අතර සිටින ගොවිතැනෙහි යෙදෙන පිරිමි පුද්ගලයන් වේ. මෙම පිරිස පවුල් සංස්ථාව තුළ බර උසුලන පියවරුන්, ස්වාමිවරුන්, සොහොයුරන් වැනි පුද්ගලයින් නිසා, එම ප්‍රදේශයේ නිවෙස්වල ඇතිව ඇති තත්වය ඉතා ඛේදනීය ය. ශ්‍රීපුර, පදවිය, පූජාගස්පංගුව මහා විද්‍යාලයේ විදුහල්පති තුමා වන එච්.එම්. ගාමිනී හිමිදුම මහතා පැවසුවේ එතුමා සේවය කරන පාසලෙහි පමණක් දරුවන් 50 දෙනෙකුගේ පමණ මව සහ පියා යන දෙදෙනා ම නිදන්ගත වකුගඩු රෝගය නිසා මිය ගොස් ඇති බව යි. මෙය කෙතරම් සමාජීය අර්බුදයක් බවට පත්ව ඇද්ද යන්න එපමණකින් ම සිතා ගත හැකි ය. මේ අතර ම මෙම රෝගය ක්‍රමයෙන් යාබද පළාත්කරා ද ව්‍යාප්තවෙමින් පවතී.

 

මෙම ව්‍යසනයට හේතුව කුමක් ද.?

අපගේ විසඳුම්

මුලු මහත් දේශයට ම මහත් ව්‍යසනයක් ව ඇති, අපිරිසිදු පානීය ජලය නිසා ඇතිවන වකුගඩු රෝගයෙන් අපේ ජනතාව ගලවා ගනු පිණිස, ශ්‍රද්ධා රූපවාහිනියත්, ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයත්, කැළණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ව ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතිය පහත අයුරින් අදියරයන් කිහිපයක් යටතේ ක්‍රියාත්මක වේ!

වකුගඩු රෝගය බහුළ වශයෙන් ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ඇති භාවිතයට ගන්නා සියලුම ජල මූලාශ්‍ර, පානයට සුදුසු ද නොවේ ද යන්න පිළිබඳව පරීක්ෂාවට ලක් කිරීම. මේ සඳහා ජාතික ජලසම්පත් මණ්ඩලයේ සහ කැළණිය විශ්වවිද්‍යාලයේ සහයෝගය ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය වෙත හිමිවන අතර, අන්තර්ජාතික තත්වයන්ට අනුකූලව එසේ පරීක්ෂාවට ලක්වන ජල මූලාශ්‍ර වල සුදුසු නුසුදුසු භාවය ඒවා අසල දැන්වීමක් ලෙස සටහන් කිරීම සිදු කරනු ලැබේ. එවිට සුදුසු නුසුදුසු ජල මූලාශ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව හොඳින් දැනුවත් වන නිසා, සුදුසු පානීය ජලය ඇති ප්‍රභව තෝරා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවේ. මේ අයුරින් ජල ප්‍රභව හැකිතාක් ප්‍රමාණයක් තත්ව පරීක්ෂාවට ලක් කිරීට බලාපොරොත්තු වන අතර එම දත්තයන් ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු උදෙසා ද සක්‍රීය ලෙස යොදා ගනු ලැබේ.

පළමු පියවර ක්‍රියාත්මක වන අතර තුර දීම, එමගින් ලබා ගන්නා දත්ත සහ අනෙකුත් ආයතන වලින් ලබා ගන්නා දත්ත මුල් කොටගෙන, වඩාත් වැඩියෙන් වකුගඩු රෝගය ව්‍යාපත්ව පවතින සහ පිරිසිදු පානීය ජල ප්‍රභව අඩු ගම්මාන වල විශාල ජල පිරිපහදු ඒකක ස්ථාපිත කරනු ලැබේ. ජල පිරිපහදු ඒකකය ස්ථාපිත කරනු ලබන්නේ වසර පුරා අඛණ්ඩ සහ ප්‍රමාණවත් ජල සැපයුමක් ලබා දෙන ප්‍රභව ආශ්‍රිතව වේ. එසේ ම එහි දී පහසුවෙන් ජනයාට ලගා විය හැකි ස්ථාන වලට ද ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ.මෙහි දී පිරිපහදු ක්‍රියාවලිය උදෙසා යොදා ගනු ලබන්නේ රිවර්ස් ඔස්මොසිස් නම් තාක්ෂණික ක්‍රමවේදය යි. එම ක්‍රමවේදය යටතේ ජලයේ ඇති ආසනික්, කැඩ්මියම්, රසදිය, ෆ්ලෝරයිඩ් ආදී වූ ජලයේ රසායනික ප්‍රභවද පානයට සුදුසු මට්ටම දක්වාම පෙරා ඉවත් කරනු ලැබේ. එසේ පිරිසිදු කරනු ලැබූ ජලය ටැංකිවල ගබඩා කොට ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනු ලැබේ.

ඉහත පියවරයන් ක්‍රියාත්මක වන අතර තුර දී ම, මහත් ව්‍යසනකාරී මෙම රෝගය වළක්වා ගැනීම පිණිස ගත යුතු පියවර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලැබේ. විශේෂයෙන් ජල දූෂණය පිණිස හේතුවන කෘමිනාශක හා පොහොර වර්ග භාවිතයෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ද, පිරිසිදු පානීය ජලය භාවිතා කිරීමේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් ද වකුගඩු රෝගය වළක්වා ගැනීමට ගත හැකි අනෙකුත් පියවර සම්බන්ධයෙන්ද මහජනතාව දැනුවත් කරනු ලැබේ.