98 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය

බැරලෝහ මිශ්ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්රිය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂික කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්රද්ධා රූපවාහිනියත්, සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවත් මඟින් ක්රියාත්මක කරන ශ්රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්ය ව්යාපෘතිය යටතේ පදියතලාව, සරණගම ප්රදේශයේ ඉදිකළ පානීය ජල පරිපහදු මධ්යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්ය මහෝත්සවය අති පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්යයේ 2022 ජනවාරි මස 28 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්යස්ථානය සුරියානි මහත්මිය ඇතුලු පිරිසගේ ආධාරයෙන් නිම කොට පූජා කරන ලදී.
ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා ! සුවසේම උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා ! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්යස්ථානය තැනවීම සඳහා දායකත්වය දැක් වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා…!