ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කම 2022-01-20

ශ්රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්රතිමා පූජා පින්කම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් 2022-01-20 වන දින ශ්රද්ධා රූපවාහිනී පරිශ්රයේදී පැවැත්විය. මෙම පින්කම සඳහා දායකත්වය දැරුවේ කැලෑමුල්ල, මදුරාගොඩ පදිංචි දැනට කොරියාවේ සේවය කරන බී අචිනි ශෂිකලා චන්ද්රරත්න මහත්මිය සහ අර්. පී. ප්රමෝෂ ඉඳුනිල් වීරසිංහ මහතා විසිනි. මෙම පිළිම වහන්සේ පරිත්යාග කරනු ලබන්නේ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ අන්යාගමික පිරිස් වාසය කරන ප්රදේශයක සැදැහැති බෞද්ධ පින්වතුන් හට වන්දනා මාන කිරීමට ඉදිවන බුදුකුටියක් වන අතර මෙම උතුම් පින්කමින් රැස් වූ සියලු පින්, ඒ දායකත්වය දැරූ පින්වත් සියලු දෙනාටද, පින් කැමති සියලු දෙවියෝ ද, බ්රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනටත්, දායකත්වය දැක්වූ සුපින්වත් සියලු දෙනාටත් දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !
 
ශ්රද්ධා සම්බුද්ධ ප්රතිමා පූජා පුණ්ය ව්යාපෘතිය සඳහා ප්රතිමා වහන්සේලා තැනවීමට අවශ්ය ශ්රම දායකත්වය සලසා දෙන නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න මැතිතුමා සහ අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සහ බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ මැතිතුමා ඇතුළු නිලධාරී මහත්වරුන්ටත් අප හට ශ්රමයෙන් දායකත්වය සලසන නාවික හමුදාවේ සියලුදෙනාටත් පුණ්යානුමෝදනා කරමු.