ජීවිතය ගොඩනගා ගන්න, යුතුකම් වගකීම් ඉටු කරන්න, සමාජයට බරක් නොවී ජීවත් වන්න, මේ හැමදේටම මූලික පදනම අධ්‍යාපනය යි. විධිමත් අධ්‍යාපනයක් ලබාගනිමින් තමාගේ අරමුණු කරා ගමන් කරන්නට වෙර දරණ දැයේ දුවා දරුවන්ට දෙමාපියන් වශයෙන් ලබා දෙන අනුග්‍රහය අති මහත් ය. නමුත් යම් යම් ආර්ථික අපහසුතා මත ජීවත් වන දෙමව්පියන්ට තම දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම දුෂ්කර කටයුත්තකි.
ඒ නිසා ම එවන් දක්ෂ නමුත් ආර්ථික අපහසුතා ඇති දරුවන් හට අධ්‍යාපනය හැදෑරීමට අත්වැළක් වන්නට ශ්‍රද්ධා මාධ්‍යජාලය ආරම්භ කළ පුණ්‍ය ව්‍යාපෘතිය යි ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව. ඔබත් කැපකරු මවක් වශයෙන්… කැපකරු පියෙකු වශයෙන්… දැයේ අනාගතය භාරගැනීම පිණිස නෙත් අයා බලාසිටින අහිංසක දරුවෙකුගේ අනාගතය සාර්ථක කර ගැනිම පිණිස අත්වැලක් වෙන්නට කැමති නම්… අපව අමතන්න.
අ) ගමන් වියදම් හා පාසැල් උපකරන ආදිය ලබා ගැනීම පිණිසත් එදිනෙදා වියදම් පිණිසත් රු.2420ක මුදලක් වෙන් වේ.
(ආ) එම ශිෂ්‍යත්වලාභී දරුවාට තමන් කැමති පිනක් සිදු කරනු පිණිස රු.150ක මුදලක් වෙන් වේ.
(ඇ) තමන්ගේ පවුලේ දෙමාපියන් සහෝදර සහෝදරියන් උදෙසා වැය කරනු පිණිස රු.150ක මුදලක් වෙන් වේ.
(ඈ) ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු කටයුතු උදෙසා වැය කරනු පිණිස රු.130ක මුදලක් වෙන් වේ.
(ඉ) එම දරුවාට දහම් පොතක් ලබා දෙනු පිණිස රු.150ක මුදලක් වෙන් වේ
(අ) ගමන් වියදම් හා පාසැල් උපකරන ආදිය ලබා ගැනීම පිණිසත් එදිනෙදා වියදම් පිණිසත් රු.1510ක මුදලක් වෙන් වේ.
(ආ) එම ශිෂ්‍යත්වලාභී දරුවාට තමන් කැමති පිනක් සිදු කරනු පිණිස රු.120ක මුදලක් වෙන් වේ.
(ඇ) තමන්ගේ පවුලේ දෙමාපියන් සහෝදර සහෝදරියන් උදෙසා වැය කරනු පිණිස රු.120ක මුදලක් වෙන් වේ.
(ඈ) ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු කටයුතු උදෙසා වැය කරනු පිණිස රු.130ක මුදලක් වෙන් වේ.
(ඉ) එම දරුවාට දහම් පොතක් ලබා දෙනු පිණිස රු.120ක මුදලක් වෙන් වේ.