Kaduwela, Sri lanka.

ශ්‍රද්ධා සමාජ සත්කාර

ලෝ තලය පුරා විසිරී පැතිරී සිටින අනේක විද වූ සත්වයින්ට මහත් වූ බියක් තැති ගැන්මක් උපදවන, මරණ බිය තරම් වෙනත් කාරණයක් නොමැති තරම් ය. උපතින්ම උරුම වන මේ අමිහිරි අත්දැකීම ඔවුන් ව කොතරම් අසරණ කරනවා ද යන්න මරණ මංචකයේ අසරණව විලාප දෙන, දඟලන සත්වයින් දුටු විට යන්තම් හෝ තේරුම් ගත හැකිය. සුලු දේටත් කම්පිතව බය තැති ගැනීමෙන් මුලු ජීවිත කාලයම වෙලාගෙන සිටින තිරිසන් ලෝකයට යන්තම් හෝ පිළිසරණක් ලබා දිය හැක්කේ මිනිස් ලොව උපන් අපටය. නොයෙකුත් හේතුන් නිසා මරණයට වෙන් වූ සත්වයින් බොහෝමයි… ආහාර පිණිස දවසකට මරණයට පත්වන ගවයන්, කුකුළන්, මත්සයින් වැනි අප්‍රමාණ සතුන් ප්‍රමාණයක් කිසිදෙයක් කරකියා ගත නොහැකිව මරණය පෙනි පෙනී අසරණ වී සීටිත්. තවත් සතුත් මිනිසුන්ගේ සිරකරුවන් බවට පත් වී සිටිති. මේ සියලුම සතුන්ට අවශ්‍ය වනුයේ අභයයි – බිය රහිත බවයි. එක් මොහොතක්, හෝ ඒ සතුන්ගේ නිදහස, ජීවත් වීම දිය හැකිනම් ඒ පින මහත් ඵල මහානිසංස වේවි. නිදුක් නිරෝගී දීර්ඝායුෂ දිවියක් උරුම වේවි. සසර දුක් කෙළවර කිරීමට මහත් රුකුලක් වේවි.

+ 0
අභය දාන පින්කම්
0
නිදහස් කළ සතුන්

එක්වන්න අප සමඟින්…

විටෙක  සුගතියේ ද, විටෙක දුගතියේ ද, සැප විදිමින්, දුක් විදිමින් අනන්ත වූ සසර පුරා අපි ආවෙමු. බොහෝ වාර ගණනක් අපිත් තිරිසන් ලොව අසරණ කමට බියට මුහුණපාන්නට ඇති, බොහෝ ආත්ම ගණනක් තවත් සතෙකුගේ කුසගින්නට අහරක් වන්නට ඇති, බත් පතක ව්‍යාංජනයක් වන්නට ඇති. ඒ තරම්ම මේ සංසාරය අඳුරුය, බියකරුය .මහා කාරුණිකයාණන් වහන්සේ බොහා් තැන්වලදී ඒ අදුරු බව, ඒ බියකරු බව මනාකොට පෙන්වා දී තිබේ.

අසරණ වූ සතුන්ට සරණක් වීමේ උදාර පුණ්‍ය පරමාර්ථය පෙරදැරිව ආරම්භ කල ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතිය හා අත්වැල් බැද ගැනීමට ඔබටත් මෙත් සිතින් යුතුව ආරාධනා කරන්නෙමු.

නිදහසේ ගමන් මග

අභයදාන පින්කම යටතේ ගවයකු නිදහස් කිරීමේදී ගවයන් ඝාතනය කරන ස්ථානයට ගොස් එම සතා නිදහස් කර සතුන් රැකබලා ගැනීම පිණිස ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මගින් තෝරා ගත් විශ්වාසවන්ත පිරිසකට එම සතුන් බාරදීම සිදුකරයි.

මෙහිදී සතුන් නිදහස් කරගැනීමට අමතරව සතුන් රැකබලා ගැනීම සඳහා තෝරාගත් පවුල් වෙතට ප්‍රවාහනය කිරීමට ද අවශ්‍ය වේ. මේ අනුව එක් සතෙකු මරණයෙන් බේරා සුවසේ ජීවත් වීමට කටයුතු යෙදීම පිණිස රු.70,000ක් පමණ වැය වේ. නමුත් අභයදාන පින්කමට දායක වීමට කැමති පින්වතුන්ට ඕනෑම අවස්ථාවක තමන්ට පහසු මුදලක් මෙම පින්කමට යෙදවිය හැකිය. මෙසේ එක් සතෙකු නිදහස් කර ගැනීමට හෝ කිහිපදෙනෙක් නිදහස් කර ගැනීමට එසේ එකතු වන මුදල් යෙදවීම සිදුකරයි.

මේ සඳහා මුදල් යොමුකල යුතු ආකාරය….

070 6432836 අපගේ දුරකථන අංකයට අමතා ගිණුම් විස්තර ලබාගෙන ඉන් අනතුරුව මුදල් තැන්පත් කර අප වෙත නැවතත් දැනුම්දීම කළ යුතුය. මුදල් තැන්පත් කළ රිසිට්පතේ “අභයදාන ගවයකු නිදහස් කිරීම සඳහා ලෙස සටහන් කර ශ්‍රද්ධා මාධ්‍ය ජාලය,හේවාගම,කඩුවෙල ලිපිනයට තැපැල් කර එවීම මගින් හෝ charity@shraddha.lk යන විද්‍යුත් ලිපිනයට ඡාරූපයක් ලෙස හෝ ස්කෑන් කර එවිය යුතුවේ.

එක්වන්න අප සමග

  • දුරකථන අංකය - 071 7755217
  • විද්‍යුත් ලිපිනය charity@shraddha.lk
  • ලිපිනය ශ්‍රද්ධා රූපවාහිනිය,369,හේවාගම,කඩුවෙල
Contact US

ගිණුම් තොරතුරු

  • නම - ශ්‍රද්ධා සමාජ සත්කාර
  • ගිණුම් අංකය - ACC NO 1162 6100 4333
  • සම්පත් බැංකුව -කඩුවෙල ශාඛාව
Acc Details

නවතම ශ්‍රද්ධා අභයදාන පින්කම්

අභයදානමය පුණ්‍යකර්මය… 2020-10-04

අභයදානමය පුණ්‍යකර්මය… 2020-10-04 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 31 දෙනෙක් සහ එළුවන් 02 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව

Read More »

අභයදානමය පුණ්‍යකර්මය… 2020-09-06

අභයදානමය පුණ්‍යකර්මය… 2020-09-06 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 52 දෙනෙක් සහ එළුවන් 04 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව

Read More »

අභයදානමය පුණ්‍යකර්මය 2020-08-09

අභයදානමය පුණ්‍යකර්මය 2020-08-09 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 31 දෙනෙකු සහ එළුවෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල

Read More »

අභයදානමය පුණ්‍යකර්මය… 2020-07-12

අභයදානමය පුණ්‍යකර්මය… 2020-07-12 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් සහ වසුපැටවුන් 26 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල

Read More »

අභයදානමය පුණ්‍යකර්මය… 2020-03-07

අභයදානමය පුණ්‍යකර්මය… 2020-03-07 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 31 දෙනෙකු සහ එළුවන් 02 දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව

Read More »

අභයදානමය පුණ්‍යකර්මය… 2020-02-02

අභයදානමය පුණ්‍යකර්මය… 2020-02-02 ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 23 දෙනෙකු සහ එළුවන් 04දෙනෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි

Read More »

නවතම ශ්‍රද්ධා අභයදාන වීඩීයෝ දර්ශන