Kaduwela, Sri lanka.

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය...2019-08-26

‘‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ) ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 අගෝස්තු මස 26 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කම සඳහා බැතිබර දායකත්වය දරන්නේ පින්වත් අනූජා විදානගම මහත්මිය,තාරක විදානගම මහත්මා සහ පින්වත් රහල වජිරමාලා සිල් මෑණියන් ඇතුලු පිරිස විසිනි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්,බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! 3500ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබා දුන් මෙම දානයට අනුශාසනා කළ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූ ම පින්වත් ස්වාමීන් වහන්සේලා ට ද, මේ සියලු පින් අනුමොදන් වෙත්වා! මෙම පින්කම සඳහා ශ්‍රම දායකත්වය දක්වමින් උපකාර කළ ගෞතම දරුවෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද, එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා… මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය. විමසීම් – 071 437 1522 විද්‍යුත් ලිපිනය – info@shraddha.lk