දයාබර දුවේ, පුතේ, විදුලිය සොයා ගැනීම මිනිස් ලෝකයේ සිදු වූ සුවිශේෂී විප්ලවයක්ලෙ සයි සැලකෙන්නේ. දුව පුතා මේ ගැන පාසලේ දී ඉගෙනගෙන ඇති. නව කාර්මික ප‍්‍රවණතාවයන් සියල්ලට ම පාහේ හේතු වුණේ විදුලිය සොයා ගැනීම. එ් ගැන සොයා බැලූවොත්, එදිනෙදා ජීවිතයේ පහසුව ඇති කරලන සියලූ ම උපකරණ නිර්මාණය කොට තිබෙන්නේ විදුලිය පාදක කරගෙන බවයි පෙනී යන්නේ.
දෙලොව ජය ගෙනෙන වීර්යය | ශ්‍රී බුද්ධ වර්ෂ 2560 | ව්‍යවහාරික වර්ෂ 2018 නමවන කලාපය
‘උත්සහවන්තයා ජය ගනී’ කියන කියමන ඔයාලා නිතර අහලා තියෙනවා. දෙමව්පියෝ ගුරුවරු මේ කියමන නිතර ළමයින්ට අහන්න සලස්වන්නේ කම්මැලි නොවී ඉගෙනගෙන සාර්ථක මිනිස්සු වෙනවා දකින්න යි. පාසල් කාලෙ දී උත්සහයක් ගත්තේ නැත්නම් අනාගතේ හරිහැටි සාර්ථක කර ගන්න වෙන්නේ නෑ. නියම වෙලාවට ඉස්කෝලෙට යන්න, ගුරුවරු උගන්වන දේ හොඳට අහගෙන ඉන්න, උත්සහය උනන්දුව තියෙන්න ඕන. විභාග සමත් වෙන්න නම් බඩගිනි, නිදිමත ගැනවත් නොහිතා පාඩම් කරන්න උත්සහයක් තියෙන්න ඕන. ඒ උත්සහය නැති වුණොත් ළමයෙක්ට කවදාවත් තමන්ගේ අධ්‍යාපන කඩඉම් ජයගන්න බැරි වෙනවා.රස්සාවක් කරන කෙනෙක්ට වුණත් උත්සහය නොතිබුණොත් කවදාවත් දියුණු වෙන්න බෑ. මොන බාධක කම්කටොළු ආවත් තමන් කරන රස්සාවේ ඉහළම ප‍්‍රගතිය ලබන්න උත්සහ කරන්න ඕන. හැබැයි ඒ උත්සහය කාටවත් හිංසාවක් පීඩාවක් නැති අහිංසක උත්සහයක් වෙන්න ම ඕනි.
පිනට මඟ කියන දේවදූතයෝ | ශ්‍රී බුද්ධ වර්ෂ 2559 | ව්‍යවහාරික වර්ෂ 2015 තෙවන කලාපය
ඔයගොල්ලෝ හොඳ වැඩක් කරපුවා ම අම්මලා, තාත්තලා විතරක් නෙමෙයි ඒ හොඳ වැඩේ දකින අහන අයත් දුවට පුතාට හොඳ පුතා කියලා කියනවා. මතක් කරලා බලන්න. ඔයගොල්ලෝ පාසලේ වැඩ ටික පිළිවෙළට, ලස්සනට, නිවැරදිව කරපුව ම ඒක දැකපු අම්මා, තාත්තා සතුටු වුණා නේ ද? ගුරුවර පිරිසත් සතුටු වුණා නේ ද? ඔයගොල්ලෝ ගෙදර දොර, පාසල, පන්ති කාමරය අතු ගාලා, පිරිසිදු කරලා, ලස්සනට තියාගෙන හිටියොත් ඒ ගැනත් ගුරුවර, දෙමව්පිය හැම කෙනෙක් ම සතුටු වෙනවා. ඒ වගේ ම දුවේ පුතේ, ඔයගොල්ලෝ පොඩි සතෙකුට හරි හිරිහැරයක්, කරදරයක් කළොත් අර කිසි ම කෙනෙක් ඒ ගැන නම් සතුටු වෙන්නේ නැහැ. ඔයාලව අගය කරන්නෙත් නෑ. ඔයාලා බොරුවක් කිව්වොත්. ඔයාලා පොඩි දෙයක් හරි හොරෙන් ගත්තොත් ඒ අය ඔයාලව අගය කරන්නේ නැහැ නේ ද?
ගුණයෙන් පිරෙමු.. නුවණින් වැඩෙමු | බුද්ධ වර්ෂ 2559 | ව්‍යවහාරික වර්ෂ 2015 දෙවන කලාපය
“දැන ඉගෙන ගත්තම – තමයි කෙනෙකුගෙ වත්කම
ගුණ නුවණ දැක්කම – ඔබට සලකයි රටේ ඔක්කොම”
මේ කවිය ඔයාලා හැමෝම අහලා ඇති. කියවලත් ඇති දැන ඉගෙන ගත් උගත් කෙනෙක් වෙන එක වත්කමක් කියලයි. මේ කවියෙන් කියන්නේ “වත්කම” කියන දේ ගොඩක් අය මනින්නේ මිල මුදල්වලින්නේ හැබැයි සල්ලි කියන දේ හොරෙකුට වුණත් ගන්න පුළුවන්. ගින්නෙන් වුණත් විනාශ වෙන්න පුළුවන්. රජවරුන්ට රාජසන්තක කරන්නත් පුළුවන්. ඒ කියන්නේ “මිල මුදල්” කියන වත්කම ඕනෑම වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. එහෙම වුණාට මේ කවියේ කියන “දැන උගත්කම” කියන වත්කම කිසි ම කෙනෙකුට අපෙන් උදුරලා ගන්න පුළුවන් ද ? බෑ නේ ද? හොරෙකුට ගන්න බැරි, රජෙකුටවත් ගන්න බැරි, ගින්නෙන් විනාශ වෙන්නෙත් නැති ඒ වගේ වස්තු සම්භාරයක් හරි හම්බ කර ගන්න කැමතියි නේ ද ?
පාසල් උපකරණ බෙදාදීමේ පුණ්‍යකර්මය
පාසල් උපකරන බෙදාදීමේ පුණ්‍යකර්මය
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා – උගතමනා ශිල්පයමයි මතු රැකෙනා…
මතු රැකෙනා ශිල්පය මනා කොට ඉගෙන ගන්නට අවැසි දේ දරුවන්ට ලබාදෙන්නට දෙමාපියන් දැඩි පරිශ‍්‍රමයක් දරණවා. ඇල්මෙන් අකුරු කරන්නට වෙර දරණ අපේ රටේ අහිංසක දුප්පත් දරුවන් ගොඩක් වෙලාවට කුසට ආහාරයක් පවා නොමැතිව ඉතා අසරණ තත්වයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ අධ්‍යාපනයේ ඇති වැදගත්කම, වටිනාකම ඒ පුංචි හිත්වල තදින්ම කා වැදී තිබෙන නිසාමයි. එවන් වූ ඉගෙනීමට දක්‍ෂ දරුවන් පිරිසකට ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන පාසල් පොත්, බෑග්, පැන්සල්, වතුර බෝතල් ආදී වූ ද්‍රව්‍යයන් ලබාදීලා දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපන මාවතක මඟ එළි පෙහෙළි කර දෙන්නට ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශයට පසුගිය දිනක හැකිවුණා.
මූණමල්ගස්වැව කනිෂ්ඨ විද්‍යාලය, පුත්තලම දිස්ති‍්‍රක්කයේ ඉහළ පුලියංකුලමට අයත් පාසලක්. පසුගිය නොවැම්බර් මාසයේ 28 වනදා ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශය එම විද්‍යාලයට පැමිණෙන්නේ එහි අධ්‍යාපනය හදාරන සිසුන් 107 දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබාදීමේ මහඟු පුණ්‍ය කාර්යය සඳහායි.
මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැති පින්වතුන්ගේ මූල්‍යමය දායකත්වයත්, කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ යොවුන් සභාව සහ සෞභාග්‍යා සුවඳ කූරු නිෂ්පාදන අංශයේ කාර්යය මණ්ඩලයේ ශ‍්‍රම දායකත්වයත් මෙම පින්කම සඳහා ලැබීම මෙහිදී පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කර සිටින්නෙමු.
එසේම මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා පාසලේ විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් පියවරුන්, සිසු දරු දැරියන්, දෙමාපියන් විශාල කැපවීමකින් කටයුතු කළ බව මෙහිදී සිහිපත් කළ යුතුයි.
රට, දැය, සමය රැකගැනීමට උපන් හපන් උගත්, බුද්ධිමත් දරු පිරිසක් බිහිකිරීමේ උදාර අරමුණ පෙර දැරිව ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශයේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම මහඟු පුණ්‍ය කර්මයෙන් රැස්වූ සියලූ පින් මේ සියලූ උතුම් කාර්යයන් සඳහා නිබඳව අපහට කරුණාවෙන් අනුශාසනා කරමින් මාර්ගෝපදේශකත්වය ලබාදෙන්නා වූ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාව භාවනා අසපුවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් , අනගාරිකා මෑණිවරුන්ටත්, සැදැහැති දායකත්වය ලබා දුන් සැදැහැති පින්වතුන්ටත්, ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශයේ පින්වතුන්ටත්, ශ‍්‍රම දායකත්වය දැක්වූ කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ යොවුන් සභාව සහ සෞභාග්‍යා සුවඳ කූරු නිෂ්පාදන අංශයේ කාර්යය මණ්ඩලටත්, ශ‍්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලූම පින්වත් දරුවන්ටත්, එමෙන්ම ශ‍්‍රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන් සියලූම දෙනාටත්, නන් අයුරින් උපකාර කළ සියලූ දෙනාටත්, දැකබලා අනුමෝදන්වන සියලූම දෙනාටත් මේ රැස් කළ සියලූ පින් එක සේ අනුමෝදන් වෙත්වා ! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී මේ ගෞතම බුදුසසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා !!!