“දැන ඉගෙන ගත්තම – තමයි කෙනෙකුගෙ වත්කමගුණ නුවණ දැක්කම – ඔබට සලකයි රටේ ඔක්කොම”
මේ කවිය ඔයාලා හැමෝම අහලා ඇති. කියවලත් ඇති දැන ඉගෙන ගත් උගත් කෙනෙක් වෙන එක වත්කමක් කියලයි. මේ කවියෙන් කියන්නේ “වත්කම” කියන දේ ගොඩක් අය මනින්නේ මිල මුදල්වලින්නේ හැබැයි සල්ලි කියන දේ හොරෙකුට වුණත් ගන්න පුළුවන්. ගින්නෙන් වුණත් විනාශ වෙන්න පුළුවන්. රජවරුන්ට රාජසන්තක කරන්නත් පුළුවන්. ඒ කියන්නේ “මිල මුදල්” කියන වත්කම ඕනෑම වෙලාවක නැති වෙලා යන්න පුළුවන්. එහෙම වුණාට මේ කවියේ කියන “දැන උගත්කම” කියන වත්කම කිසි ම කෙනෙකුට අපෙන් උදුරලා ගන්න පුළුවන් ද ? බෑ නේ ද? හොරෙකුට ගන්න බැරි, රජෙකුටවත් ගන්න බැරි, ගින්නෙන් විනාශ වෙන්නෙත් නැති ඒ වගේ වස්තු සම්භාරයක් හරි හම්බ කර ගන්න කැමතියි නේ ද ?