Kaduwela, Sri lanka.

ලේ දෙන්න සූදානම් වෙමු...

දිවයිනේ රුධිරය අඩුවෙන්ම ලැබෙන,
එහෙත් අවශ්යතාවය උපරිමව පවතින කාලසීමාවන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන
මෙම මහා පින්කමට ඔබත් දායක වන්න.
මියැදෙන හදවතකට පණ නලක් දන් දෙන්න සූදානම් වන්න.

දැනට සංවිධානය කර ඇති
රුධිරදාන කඳවුරු..

2026 මාර්තු 29

මාතලේ මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුවේ දී...

2026 අප්‍රේල් 11

ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපුවේ දී...

2026 අප්‍රේල් 12

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී

මාර්තු මස 21

බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ දී…

වැඩිදුර විස්තර සඳහා..

2026 මාර්තු 29

මාතලේ මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුවේ දී.

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 04

ගම්පහ මහමෙව්නාව භාවනා අසපුවේ දී…

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 05

මහමෙව්නාව ධම්මගිරි භාවනා අසපුව – කන්තලේ

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 05

මහමෙව්නාව ශ්‍රී මහා සුමන භාවනා අසපුව – මහියංගණය

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 05

මිහින්තලේ මහමෙව්නාව භාවනා අසපුව

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 11

කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී…

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 11

මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස භාවනා අසපුව – අම්පාර

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 11

ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපුවේ දී…

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 11

අවිස්සාවෙල්ල මහමෙව්නාව භාවනා අසපුවේ දී…

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 11

බුත්තල මහමෙව්නාව භාවනා අසපුවේ දී…

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 12

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 13

මාලඹේ බුදු පසේබුදු අරහන්තක විහාරයේ  දී 

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 18

පින්නවල මහමේව්නා අසපුව

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 19

බිබිල මහමෙව්නාව අසපුවේ දී.. 

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 19

පොල්පිතිගම මහමෙව්නාව අසපුවේ දී.. 

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 19

වැලිමඩ මහමෙව්නාව අසපුවේ දී.. 

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 25

කහටගස්දිගිලිය මහමේවුනාව අසපුව

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 26

කුණ්ඩසාලේ මහමේවුනා අසපුව

වැඩිදුර විස්තර සඳහා..

2026 අප්‍රේල් 26

බලංගොඩ මහමේවුනා අසපුව

වැඩිදුර විස්තර සඳහා..

සංවිධානය වෙමින් පවතින රුධිරදාන කඳවුරු මෙම පිටුවේ යාවත්කාලීන වේ..
මෙම වෙබ් පිටුුව සමඟ රැදී සිටින්න..

ඔබේ රුධිරයෙන් තවකෙක් ජීවත් කරවන්නට…

දිවයිනේ අඩුවෙන්ම ලේ දන් දෙන මාස වල ඇතිවන රුධිර හිඟය මග හරවා ගෙන,  අසරණ රෝගීන්ගේ රුධිර අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙි අරමුණින් ආරම්භ කළ ශ්‍රද්ධා රුධිර දාන පුණ්‍ය ව්‍යාපෘතිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. දිවයින පුරා ඇති මහමෙව්නාව භාවනා අසපු සංචිතයන් කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලබන මෙම වැඩ සටහන වර්ෂය පුරාම ක්‍රියාවට නැංවේ.

රුධිර ඒකක
0

ගෙවීගිය සිව් වසර තුල පමනක් රුධිර ඒකක 60000 කට ආසන්න ප්‍රමාණයක් ජාතික රුධිර සංචිතයට දායක කිරීමට අපට හැකිවිය..

රුධිර දාන කඳවුරු පැවැත්වෙන ස්ථාන

ඔව්… ඇත්තටම ඔබේ සිතේ ඇතිවෙන එවැනි සිතුවිල්ලක් පවා බොහෝ පින් ජනිත කරවනවා. හැබැයි ලේ දන්දීම පිණිස ඔබ යම් අවශ්‍යතාවයන් කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා.

  •    වයස 18 – 55 අතර සිටිනා අයෙකු විය යුතුයි.
  •    කිලෝග්‍රෑම් 50ට වඩා බරින් වැඩි විය යුතුයි.
  •    නිරෝගී අයෙකු විය යුතුයි.
  •    අවසන් වරට ලේ දන් දී මාස හතරක්වත් ගත වී තිබිය යුතුයි.
 

ඉහත කරුණු සම්පූර්ණ නම්:

මූලික වශයෙන් ලේ දන්දීම පිණිස ඔබට ඉදිරිපත් විය හැකියි. නමුත් එහි දී ඒ සඳහා ඔබ සුදුසු දැයි තීරණය කිරීමට යම් ප්‍රශ්න මාලාවකට පෞද්ගලිකව පිළිතුරු ලිවීමට ඔබට සිදු වෙනවා.

ඉන් පසු ඒ පිළිබඳව පෞද්ගලිකත්වය බොහෝ අගයන වෛද්‍යවරයෙකු සමග සුළු මොහොතක් පෞද්ගලිකව කතා බස් කිරීමට අවස්ථාව ලැඛෙනවා. එහිදී ඒ අදාළ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ නම් ජීවිතයක් බේරා ගැනීමට තම රුධිරය දන් දෙන උතුම් මිනිසෙකු වීමේ අවස්ථාව ඔබට උදා වෙනවා.

ඇත්තෙන්ම නැහැ. මේ නිසයි අදාළ පෝරමය පෞද්ගලිකවම පිරවීමටත් අදාළ වෛද්‍යවරයා සමඟ පෞද්ගලිව කතා බස් කිරීමටත් ඔබට අවස්ථාව ලැඛෙන්නේ. එම වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියේ මූලික මූලධර්ම වලට අනුව ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. එම නිසා ඒ සඳහා අදාළ ඕනෑම දෙයක් ගැන එම වෛද්‍යවරයා සමඟ සෘජුවම කථා බස් කිරීමට අවස්ථාව ඔබට සැලසෙනවා.

එය නම් කිසිසෙත්ම සදාචාරාත්මක නැහැ. අවබෝධයෙන්ම බුදු රජාණන් වහන්සේ සරණ ගිය ඔබ වැනි ශ්‍රාවකයන්ට ගැලපෙන්නේ නැහැ. සිල්පදයකුත් බිඳෙනවා. ඒ විතරක් නෙමෙයි එසේ කිරීමෙන් රුධිරය ලබා ගන්නා අසරණ රෝගියාගේ ජීවිතය අනතුරට ලක්වෙනවා.එම නිසා කිසිම හේතුවක් මුල් කරගෙන අදාළ පෝරමයේ බොරු ලියන්න එපා. රුධිරය ඔස්සේ බෝවන රෝග ගණනාවක් තිඛෙනවා.ඒඩ්ස් වගේ මාරාන්තික රෝග පමණක් නෙවෙයි, සෙංගමාලය, මැලේරියා වගේම අනෙකුත් සමාජ රෝගත් රුධිරය ඔස්සේ පැතිරෙනවා. ලේ දෙන කෙනා අදාළ රෝගයකින් යුතු නම්, ලේ ලබා ගන්නා රෝගියාටත් ඒ රෝගය වැළඳීමේ ඉතා ඉහළ ඉඩකඩක් තිඛෙනවා.

ඒ නිසා තමයි එම ප්‍රශ්න මඟින් රුධිර දායකයා වන ඔබට එබඳු රෝග පැවතීමේ ඉඩකඩක් තිඛෙනවාද කියා පරීක්ෂා කරන්නේ.එම සමස්ථ ක්‍රියාවලියේම අරමුණ අසරණ රෝගියෙක්ව ජීවත් කරවීමයි.ඒ නිසා කෙසේවත් අදාළ පෝරමයට බොරු උත්තර ලියන්න එපා.එසේ ලබා දෙන රුධිරය පෙර සඳහන් කළ රෝග සඳහා රසායනිකව පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්යයෙන්ම සිදු වන්නක්.ඒ නිසාම බොහෝ දෙනෙක් තමන්ට එබඳු රෝග වැළඳී ඇත්දැයි පරීඬා කර ගනීම පිණිසත් ලේ දන් දෙන්න පෙළඹෙනවා.එය නම් කිසිසෙත්ම නොකළ යුත්තක්.එමඟින් එම ලේ ගන්නා රෝගියාගේ ජීවිතය බරපතල ලෙස අවදානමකට ලක් වෙනවා.

එම පරීක්ෂාවේදී අදාළ රෝගය යමෙකුට වැළඳී තිඛෙනවා දැයි නිගමනය කිරීමට නම්, එම රෝග කාරකයට විරුද්ධව රුධිරය තුළ නිපදවෙන ප්‍රතිදේහ ප්‍රමාණය එක්තරා අගයකට වඩා වැඩි විය යුතුයි.උදාහරණයක් ලෙස ඒඩ්ස් ආසාදිතයෙක් ගනිමු.ඔහුට AIDS වෛරසය ශරීර ගත වී මාස කිහිපයක් ඇතුළතදී ඒ සඳහා රුධිරය පරීක්ෂා කිරීමෙන් ඒඩ්ස් වැළඳී ඇත්දැයි නිගමනය කළ නොහැකියි.ගත වී තිඛෙන්නේ කෙටි කාලයක් නිසා එහිදී හුදෙක් රුධිර පරීක්ෂාවකික් පමණක් එය හසු කරගැනීමේ හැකියාවක් නැහැ.එනිසාම එබඳු අයෙකු ලේ දුන් විට ඔහුගේ රුධිරය නිරෝගී අයෙකුගේ රුධිරය ලෙසටයි අදාළ රසායනික පරීක්ෂණයෙන් පසු සටහන් වන්නේ, මේ නිසා,එබඳු ලේ ශරීර ගත කිරීම මඟින් එම ලේ ලබා ගන්නා රෝගීයාටත් එම රෝගය වැළඳීම සිදුවෙනවා.නමුත්, එම භයානත තත්වය මඟ හරවා ගැනීම පිණිස යි අදාළ පෝරමය තුළ ඔබේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ඇතැම් ප්‍රශ්න අසන්නේ.
මේ නිසා ඔබ ලේ දන්දෙන විට එම පෝරමයේ සත්‍යයම සටහන් කරන්න.සිල්වත්ව තිසරණය රැක ගෙන ජීවිතයක් සුරකින්න අවස්ථාව එවිට උදාවේවි.

ශ්‍රී ලංකාවේ ඇතැම් මාසවල ජාතික රුධිර සංචිතයට රුධිර පරිත්‍යාග ලැඛෙන්නේ ඉතාමත් අඩුවෙන්. එ් නිසාම අප්‍රේල්, අගෝස්තු, සැප්තැම්බර් වැනි ලේ හිඟ මාසවල අසරණ රෝගින්ගේ ජීවිත අනතුරට ලක්වෙනවා. එම ලේ හිඟයෙන් ජාතිය ගලවාගනු පිණිසයි, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් සමග එක් වී රූපවාහිනී කළණ මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ශ්‍රද්ධා රුධිරදාන වැඩපිළිවෙල ආරම්භ කළේ. එ් අනුව ලේ හිඟ කාලයේ ශ්‍රද්ධා රුධිර දාන කඳවුරකට සම්බන්ධ වී ලේ දන් දෙන්න පමණක් නොවේ, ඔබේ ආයතනයේ තරුණ සංවිධානයේ පිරිසත් සමඟ එක්වෙලා ලේ හිඟ කාලයේ දී ශ්‍රද්ධා රුධිර දාන කඳවුරක් සංවිධාන කරන්නටත් ඔබට පුලුවන්. එ් සඳහා අවශ්‍ය මාධ්‍ය අනුග්‍රහය ශ්‍රද්ධා රූපවාහිනිය ලබාදෙනු ලබනවා. ශ්‍රද්ධා රුධිරදාන කඳවුරක් ඔබේ ප්‍රදේශයේ, ආයතනයේ පවත්වන්නට ඔබත් කැමති නම්

0112 571 471, 0112 548 400 දුරකතන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකියි.

රුධිර පරිත්‍යාග සාමාජිකත්වය ලබා ගැනීමට ඔබත් කැමතිද ?

දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන්ගේ සංගමය (Rare Donor Club)

සාමාන්‍යයෙන් හැමෝටම තිඛෙන්නේ එකම ලේ වර්ගයක් නෙමෙයි. ඉතාම දුර්ලභ ලේ වර්ගත් තිඛෙනවා.එබඳු ලේ වර්ගයක් තිඛෙනා රෝගියකු සඳහා රුධිරය ලබා දීමට සිදු වූ විට,අදාළ ලේ වර්ගය සොයා ගැනීමට ඉතා අපහසු විය හැකිය. ඒ නිසා එම අපහසුතා මඟ හැරීම පිණිස ජාතික ලේ දන් දීමේ සේවය මඟින් දුර්ලභ ගණයේ රුධිර පරිත්‍යාගශීලීන්ගේ සංගමය නමින් සංගමයක් පිහිටුවා තිබෙනවා.

ඔබේ ලේ වර්ගයත් ඕ – නෙගටිව්(O-Negative), බී – නෙගටිව්(B-Negative), ඒ – නෙගටිව් (A-Negative), ඒබී – නෙගටිව් :(ABjustify-Negative) හෝ ඒබී – පොසිටිව්(AB-Positive) නම්, ඔබත් දුර්ලභ ලේ වර්ගයක් යුතු අයෙක්. නිරතුරු ලේ දන්දෙන ඔබේ ලේ වර්ගයත් මෙබඳු දුර්ලභ ලේ වර්ගයක් නම්, ඔබටත් මේ සංවිධානයේ ලියාපදිංචි වීමේ අවස්ථාව තිඛෙනවා. එවිට කවරෙකුට හෝ හදිස්සියේ ඔබේ ලේ වර්ගය අවශ්‍ය වුවහොත් ජාතික ලේ දන්දීමේ සේවය ඔබට ඒ පිළිිබඳව දැනුම් දෙනවා. එවිට ඔබට එම අසරණ රෝගියා වෙනුවෙන් රුධිරය දන් දිය හැක. ඒ අයුරින් ජීවත් වන්නට වෙරදරනා අයෙකුට ජීවිතය දෙන්න උපකාර කළහැකි නම්, ඔබ සැබෑම පුණ්‍යවන්තයෙක්.

එම සංගමයට බැඳෙන්න ඔබත් කැමති නම්, 0115 332154 දුරකථන අංකයෙන් නාරහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථාන අමතන්න

ඡායාරූප එකතුව

“මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන් දෙමු”

“මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන් දෙමු” “මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු“ යන උදාර පුණ්‍ය චේතනාව යට‍තේ ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල, මහමෙව්නාව

Read More »

කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේ පැවැත්වූ ලේ දන්දීමේ පින්කම.

කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේ පැවැත්වූ ලේ දන්දීමේ පින්කම. “මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු“ යන උදාර පුණ්‍ය චේතනාව යට‍තේ ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල, මහමෙව්නාව

Read More »

“මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන් දෙමු”

“මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන් දෙමු” මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු“ යන උදාර පුණ්‍ය චේතනාව යට‍තේ ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල, මහමෙව්නාව

Read More »

මියෙදෙනා හදකට, පණනලක් වන්නට

ලේ බිදක් දන් දෙමු

මාර්තු මස 21 වනදා සෙනසුරාදා පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා

බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරයේ දී…

වැඩිදුර විස්තර සඳහා..