Kaduwela, Sri lanka.

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2020-01-24

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2020-01-24

‘‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ)

2020-01-24 දින ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පවත්වනු ලැබීය.. තෙවැනි වරට සංවිධානය කෙරුණු මෙම පින්කමේදී මේ වන විට රුපියල් මිලියන 70 ක පමණ වටිනාකමකින් යුතු රෝහල් ඇඳන් 275 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පිහිටි රෝහල් 80 කට පමණ ලබා දීමට හැකි වූ බව අප මෙත් සිතින් දන්වා සිටිමු. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලූ පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද, සිල් ගුණදම් සුරකින සියලූ මහ සඟරුවනට ද, අනගාරිකා මෑණියන් වහන්සේලා ට ද, පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ට ද, අනුමෝදන් වෙත්වා!!

මෙම පින්කම උදෙසා දායකත්වය දක්වන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා!!

මෙම පුණ්‍ය සත්කාරය සඳහා උදව් උපකාර කල සැමටත් දැකබලා සතු‍ටු වන සැමටත් සම සිතින් අනුමෝදන් කරමු.. අනුමෝදන් වේවා…!