Kaduwela, Sri lanka.

ගංවතුරින් විපතට පත් ජනතාවට ද්‍රව්‍යමය අධාර ලබාදීමේ පුණ්‍යකර්මය

ගංවතුරෙන් විපතට පත් වූ අපේ ම සහෘද ජනතාව උදෙසා ආරම්භ කරන ලද කඩිනම් සහනාධාර ලබා දීම සඳහා පිහිටුවා ඇති ශ්‍රද්ධා සහනාධාර මධ්‍යස්ථානය මඟින් 2018-06-02 වන දින නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැගෙනහිර තුම්මෝදර ග්‍රාමසේවා වසමට සහ යක්දෙස්සාව ග්‍රාමසේවා වසමමේ වෙසෙන ජනතාව වෙත ද්‍රවමය අධාර ලබාදීම සිදුවිය. මේ සියලු කටයුතු සඳහා අප හට නිබඳ ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උපකාර කරනා සියලු පින්වතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා! සසරේ කිසිදු භවයක දී මෙවන් විපකට මුහුණ නොදී මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය ලබත්වා!