Kaduwela, Sri lanka.

ස්වභාවික ආපදාවන්ගෙන් විපතට පත්වූවන් සඳහා පිසූ ආහාර ලබාදීම.

අප මාතෘභූමියට බලපා ඇති ගංවතුර තත්වය නිසා අවතැන් වී සිටින අපේ රටේ ජනතාවට කඩිනම් සහනාධාර ලබා දීම සඳහා පිහිටුවා ඇති ශ්‍රද්ධා සහනාධාර මධ්‍යස්ථානය මඟින් පිසූ ආහාර ලබාදීම 2018-05-28 වන දින කඩුවෙල බෝමිරිය ප්‍රදේශයේ දී සිදු කරනු ලැබිය. මේ සියලු කටයුතු සඳහා අප හට නිබඳ ආශිර්වාද කරනා අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උපකාර කරනා සියලු පින්වතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා! සසරේ කිසිදු භවයක දී මෙවන් විපකට මුහුණ නොදී මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය ලබත්වා! තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන සහන සැලසීමේ ක්‍රියාන්විතයට පින්වත් ඔබටත් දායක වීමේ අවස්ථාව තිබේ. ඒ සඳහා වන ඔබගේ මුදල් ආධාර සම්පත් බැංකුවේ ගිණුම් අංක 01 621 0000 953 දරන ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගිණුමට බැර කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 071 437 15 22 071 775 40 98