Kaduwela, Sri lanka.

ශ්‍රද්ධා අභයදාන 92 වන පුණ්‍ය ව්‍යාපෘ‍තිය

ශ්රද්ධා අභයදාන පුණ්ය ව්යාපෘතිය මඟින් සිදු කරනු ලැබූ 92 වන පුණ්ය ව්යාපෘතිය මඟින් මරණයට කැප වූ එළ ගවයින් 08ක් (අම්මා සහ පැටව් 01,ගැබිණි එළදෙනුන් 01 ක් සහ එළදෙනුන් 05) නිදහස් කිරීම දොම්පෙ පාලුගම මහමෙව්නා භාවනා අසපු පරිශ්රයේදි 2025-11-09 වන දින පැවැත්විය.
මෙම පින්කම සඳහා පින්වතුන් 08 දෙනෙකු දායකත්වය දැක්වූ අතර පිරිවැය – රු. 1,012,500.00 මුදලක් ඒ සඳහා වෙන් කරන ලදී .
කිරිගොවීන් 04 දෙනෙකු සඳහා මෙම සතුන් ලබාදීම සිදුවිය.
මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!!!
බියකරු සසරේ කිසි දිනක මෙවන් දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!!!
අපව සම්බන්ධ කරගතහැකි ආකාරය👇
ශ්රද්ධා අභයදාන පිළිබඳ වැඩි විස්තර info@shraddha.lk වෙත ලිවීමෙන් දැන ගත හැකි ය.
☎️ දුරකථන අංකය: 0717755217

හොඳ සවන් දෙන්නෙක් වන්න – දහඅටවන කළාපය ( ශ්‍රී බුද්ධ වර්ෂ 2567 – ව්‍යවහාර වර්ෂ 2023 – නොවැම්බර් )

හොඳ සවන්දෙන්නෙක් වන්න – දහඅටවන කළාපය

( ශ්‍රී බුද්ධ වර්ෂ 2567 – ව්‍යවහාර වර්ෂ 2023 – නොවැම්බර් )

Shraddha charity organization 2023 © All Rights Reserved.

Design by Shaddha web team

ශ‍්‍රද්ධා සම්බුද්ධ ප‍්‍රතිමා පූජා පින්කම 2019-12-25

ශ‍්‍රද්ධා සම්බුද්ධ ප‍්‍රතිමා පූජා පින්කම 2019-12-25

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් 2019-12-25 වන දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්විය. මෙම පින්කම සඳහා දායකත්වය දැරුවේ ඊ.බී.ඩී. චූලානන්ද මහත්මා තුෂාරි දැඩිගමුව මහත්මිය සහ රමණි ගුණසේකර මහත්මිය ඇතුළු පින්වත් පිරිස සහ රසංගනී වෙත්තසිංහ මහත්මිය සහ කළණ මිතුරියන් පිරිසක් විසින්ය. මෙම පිළිම වහන්සේලා පූජා කරනු ලැබුවේ ලග්ගල මහමෙව්නාව අසපුවටත් මොරගහකන්ද මහමෙව්නාව අසපුවටත්ය. මෙයින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම – 2019-11-02

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම - 2019-11-02

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ සහභාගීත්වයෙන් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී පැවැත්විය. මෙහිදී පිළිම වහන්සේ නමක් පින්වත් ජී.බී. රුක්මණි තක්සලා මහත්මිය අතුලු පවුලේ පින්වත් පිරිසක් විසන් පූජා කරන්නට යෙදුනා. මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා ! මෙවැනි පින්කම් සදහා පින්වත් ඔබත් දායක වීමට කැමති නම් මෙම දුරකථන අංකය 071 – 437 1522 අමතන්න..

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම – 2019-12-03.

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම - 2019-12-03.

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ලිහිනියාගම යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විය. මෙහිදී එම ස්ථානයට පිළිම වහන්සේ නමක් සහ බුදු කුටියක් පූජා කරන්නට යෙදුනා. මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා !

මෙවැනි පින්කම් සදහා පින්වත් ඔබත් දායක වීමට කැමති නම් මෙම දුරකථන අංකය 071 – 437 1522 අමතන්න..

 

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සහ මොලොග්ගමුව කණිශ්ඨ විද්‍යාලයගේ ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් සහ එම විද්‍යාලයේ සිසු සිසුවියන් සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය. මෙහිදි එම පාසලට පිළිම වහන්සේ නමක් සහ එම පිළිම වහන්සේ තැන්පත් කරන්නට බුදු කුටියක් සාදා පූජා කරන්නට යෙදුණු අතර පිලිම වහන්සේ සදහා දායකත්වය දැක්වූයේ පින්වත් බලංගොඩ රංජිත් මහත්මා විසිනි. මෙයින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය…2019-09-23

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය…2019-09-23

‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ) 

ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 සැප්තැම්බර් මස 23 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කම සඳහා බැතිබර දායකත්වය දරන්නේ පින්වත් චම්පානි ගුණසේන මහත්මිය ඇතුලු පිරිස විසිනි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්,බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! 3500ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබා දුන් මෙම දානයට අනුශාසනා කළ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූ ම පින්වත් ස්වාමීන් වහන්සේලා ට ද, මේ සියලු පින් අනුමොදන් වෙත්වා! මෙම පින්කම සඳහා ශ්‍රම දායකත්වය දක්වමින් උපකාර කළ ගෞතම දරුවෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද, එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා… 

මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය. විමසීම් – 071 437 1522 විද්‍යුත් ලිපිනය – info@shraddha.lk

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2019-09-12

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2019-09-12

‘‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ) 2019-09-12 දින ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පැවැත්විය. මෙම පින්කම උදෙසා දායකත්වය දක්වන පින්වත් සරත් සිල්වා මහත්මාට ද, මෙම පින්කමට ස්වේච්චාවෙන් උදව් උපකාර කළ ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය වරුන්ට ද, මෙල්බර්න් නුවර මහමෙව්නාව අසපුවේ උපස්ථාන කමිටුවේ සහ තාවතිංස යාත‍්‍රා සංවිධානයේ සියළුදෙනාට ද, දායකත්වය දරන පින්වතුන් නමින් මිය ගිය චාල්ස් සිල්වා පියාණන්ට ද, පි‍්‍රන්සි සිල්වා මෑණියන්ට ද, මේ පින් අනුමෝදන් වෙත්වා!!! මෙම උපකරණ රේගුවෙන් නිදහස් කරගැනීමට උදව් උපකාර කළ ඖෂධ නියාමන අධිකාරියේ සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තුමේන්තුවේ සියලූ රාජ්‍ය නිළධාරීන්ට ද, සොඳුරු සිහිනයක උරුමයක සංවිදානයේ පින්වතුන්ටද මේ සියලූ පින් අනුමෝදන් වෙත්වා!!! මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලූ පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන සුරකින සියලූ දෙවියෝ අනුමෝදන් වෙත්වා!!! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, වැඩෙත්වා!!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!! රැස් වූ සියලූ පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද, සිල් ගුණදම් සුරකින සියලූ මහ සඟරුවනට ද, අනගාරිකා මෑණියන් වහන්සේලා ට ද, පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ට ද, අනුමෝදන් වෙත්වා!!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!එමෙන්ම මෙම පින්කම සංවිධානය කිරීමට උපකාර කළ කඩුවෙල හේවාගම බෝධිඤණ අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් සියලූ දෙනාට ද යොවුන් සභාවේ සියලූ පින්වතුන් ට ද ශ‍්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලූ පින්වත් දරුවන්ට ද එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන මාසික ධර්ම දාන පින්වතුන්ට ද මේ සියලූ පින් අනුමෝදන් වෙත්වා!!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!