Kaduwela, Sri lanka.

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම - 2019-12-03.

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ලිහිනියාගම යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විය. මෙහිදී එම ස්ථානයට පිළිම වහන්සේ නමක් සහ බුදු කුටියක් පූජා කරන්නට යෙදුනා. මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා !

මෙවැනි පින්කම් සදහා පින්වත් ඔබත් දායක වීමට කැමති නම් මෙම දුරකථන අංකය 071 – 437 1522 අමතන්න..