Kaduwela, Sri lanka.

ශ‍්‍රද්ධා සම්බුද්ධ ප‍්‍රතිමා පූජා පින්කම 2019-12-25

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් 2019-12-25 වන දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්විය. මෙම පින්කම සඳහා දායකත්වය දැරුවේ ඊ.බී.ඩී. චූලානන්ද මහත්මා තුෂාරි දැඩිගමුව මහත්මිය සහ රමණි ගුණසේකර මහත්මිය ඇතුළු පින්වත් පිරිස සහ රසංගනී වෙත්තසිංහ මහත්මිය සහ කළණ මිතුරියන් පිරිසක් විසින්ය. මෙම පිළිම වහන්සේලා පූජා කරනු ලැබුවේ ලග්ගල මහමෙව්නාව අසපුවටත් මොරගහකන්ද මහමෙව්නාව අසපුවටත්ය. මෙයින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!