එදා මේ දහම් දිවයිනේ සිටි සත්පුරුෂයින් කුළුණු ගුණ හදවතෙහි රුවා දරුවන් වෙත සෙනෙහසින් සිප් කිරි පෙවු සේ……… ජාතියේ දහම් නාලිකාව මනු දම් පෙරට ගෙන කලණ මිතු ගුණදමින් යුතුව දැයේ අනාගතය වූ අහිංසක දරුවන් වෙත සෙනෙහසින් අත දීමට ඇරඹි පුණ්‍ය ව්‍යාපෘතිය යි ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව. ආර්ථීක අපහසුතා වලින් යුතුව අධ්‍යාපනය ලබමින් සිටින ඉගෙනීමෙහි දක්ෂ අහිංසක සිසු දරුවන් විශාල ප්‍රමාණයක් අප වෙත එවා තිබූ ඉල්ලූම්පත් ඉතා නිවැරදි නිර්ණායක ඔස්සේ වර්ගීකරණය කොට ඒ අතරින් ප්‍රමුඛතාවය ලබා දිය යුතු වූ සිසු දරුවන් 600 දෙනෙකුට අධික ප්‍රමාණයකට ඉතා සාර්ථක ලෙස ශිෂ්‍යත්ව ලබා දීමට අප හට හැකිවිය. මේ උතුම් මහානීය පුණ්‍යකර්මය කිරීම පිණිස අප වෙත අනුශාසනා කළ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලූ පින්වත් ස්වාමීන් වහන්සේලාට ත් පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාට ත් මේ උතුම් සත් කි‍්‍රයාවට නොමසුරුව උපකාර කළ සත් පුරුෂ ගුණ ඇති කැපකරු මා පිය වරුන්ට ත් ශිෂ්‍යත්ව ප්රධානෝත්සවයේ දී දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට ඉතා අගනා උපදෙස් ඇතුලත් වන ලෙස ආරාධිත දේශන පැවැත්වූ විද්වතුන් සියලූ දෙනාට මත් පුණ්‍ය ව්‍යාපෘතියේ ආරම්භයේ සිටම මේ දක්වාම විවිධ අයුරින් සහය වූ සියලූ පින්වතුන්ට ත් ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා ගත් දරු දැරියන් ඇතුලූ ඔවුන්ගේ ආදරණීය දෙමාපියන් සියලූ දෙනාටමත් ඒ මහානීය පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා! සියලූ දෙනා නමින් මියගිය ඥාතින්ට ත් පුණ්‍යානුමෝදනා වෙත්වා! ගෞතම බුදු සසුනේදී ම උතුම් චතුරාර්ය සත්‍යාවබෝධ කිරීම පිණිස මේ මහානිසංස පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වෙත්වා!
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව මීළඟ පියවර උදෙසා පින්වත් ඔබටද සම්බන්ධ විය හැකි ය.
සියලු විමසීම් : charity@shraddha.lk / info@shraddha.lk