Kaduwela, Sri lanka.

ශ‍්‍රද්ධා සම්බුද්ධ ප‍්‍රතිමා පූජා පින්කම 2020-03-11

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් 2020-03-11 වන දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්විය. මෙම පින්කම සඳහා දායකත්වය දැරුවේ මාතර අපරැක්ක මහමෙව්නාව මහා විහාරයට සම්බන්ධ සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් විසින්ය. මෙම පිළිම වහන්සේලා පූජා කරනු ලැබුවේ දඹගස්ආර ශ්‍රී බෝධි සෙනසුන් විහාරයටය.මෙයින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!