
නිරෝගීව සිටින කාලය, රෝගී වීමෙන් අවසන් වේ. එදිනෙදා කටයුතු අභියෝගයට ලක් කරමින් නොයෙකුත් අපහසුතා ගොන්නකට රෝගී වූ පුද්ගලයාව ගෙන යයි. සමහරවිට ජීවිත කාලය පුරා විඳවන්නට සිදුවන රෝගද, බෝවන, බෝ නොවන ආදී ලෙස නොයෙකුත් ආකාරයෙන් හටගන්නා රෝග පීඩාවන් සුව කරගැනීමට හෝ පාලනය කරගැනීමට වෙහෙසෙන ඔවුන්ගේ ජීවිතවලට බලපාන තවත් එක් අභියෝගයක් වන්නේ ආර්ථික පරිහානියයි. ඒ සියල්ල මධ්‍යයේ නැගී සිටින්නට වෙර දරන ඔවුන්ට කළ හැකි යම් උපකාරයක් වේද එම උපකාරය ඔවුන් කරා රැගෙන යාම පිණිස ඔබටත් කළ හැකි දේ වෙනුවෙන් අප ගොඩනැගූ තවත් එක් සත්කාරයකි ශ්‍රද්ධා ගිලාන දාන වැඩසටහන. ශ්‍රද්ධා ගිලාන දාන යටතේ නොයෙකුත් ක්‍රමවේදයන් ඔස්සේ ක්‍රියාවට නැංවෙන වැඩසටහන් සඳහා ඔබටත් අප හා එක්විය හැක.








