බැර ලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ කැබිතිගොල්ලෑව, හල්මිල්ලවැටිය විද්‍යාලයේ නව ජල පිරිපහදු මධ්‍යස්ථානය සදහා මුල්ගල් තැබීමේ පුණ්‍ය මහෝත්සවය 2020-07- 31 දින පැවැත්විණි. ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මගින් රැස්වන සියලූ පින් අපෙග් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා. සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානයට දායකත්වය දැක්වූ සුපින්වත් සියලු දෙනාටත් දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !