Kaduwela, Sri lanka.

රෝද පුටු පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය -2022-03-18

ඇය නමින් දිනායා පැහැසැරණි. නිරෝගී දරුවෙකු ලෙස මනුලොව උපත ලද ඇය සය මසක් වනතුරු මව් පිය පහසේ නිරෝගීව වැඩෙමින් ජීවත් විය. සය මස අවසානයේ ප්රතිශක්ති වැඩසටහන යටතේ එන්නත්කරණයට ලක්වූ ඇයට, සිදු වූ අත්වැරදීමක් නිසා අවසනාවන්ත ලෙස රෝගාතුර වන්නට සිදු විය. ඒ අනුව මේ වන විට පුරා වසර එකොළහක් මුළුල්ලේ ඇය රෝද පුටුවේ, මවගේ උර මත හෝ ඇඳ මත තම ජීවිතය ගත කරනු ලබනවා. ඇයට දෙන අහාර පවා දියර ලෙස ලබා දෙන අතර මවගේ සහය නොමැතිව වැසිකිළි කැසිකිළි කිරීමටද ඇයට නොහැකිය. මාස්පතා අහංගම සිට කරාපිටිය රෝහලට ත්රීරෝද රථයක් මගින් ගමන් කිරීමට ඔවුනට සිදුව ඇත. ඒ සමග සිදු වන අනෙක් වියදම්ද සමගින් ගෘහණියක් ලෙස දරුවන් රැක බලා ගන්නා මවටත් කුලීවැඩ කරනා පියාටත් එම වියදම් පියවා ගැනීම අපහසුය.
මෙලෙස ජීවන කටයුතු සිදු වන අතරතුර දරුවා භාවිතා කරන ලද රෝද පුටුව අබලන් වී ඇති බැවින් ඔවුන් අපගෙන් රෝද පුටුවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් සිදු කරන ලද අතර විස්තරය දැනුවත් කිරීමෙන් අනතුරව අද දින ලබා දුන් රු.35000.00 වටිනා මෙම රෝද පුටුව සඳහා එංගලන්තයේ පදිංචි පින්වත් ගයාන් කෝදාගොඩ මහත්මා ඇතුලු පවුලේ සැම විසින් දායකත්වය දරණ ලදි.
රැස් වූ සියලු පින් මේ උතුම් පිංකම සඳහා දායක වූ එංගලන්තයේ පදිංචි පින්වත් ගයාන් කෝදාගොඩ මහත්මා ඇතුලු පවුලේ සියලු දෙනා සතුටින් අනුමෝදන් වෙත්වා! නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා! ප්රාර්ථනීය අදහස් සඵල වේවා! උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!
ගෞතම බුදු සසුන සුරකින දෙවියෝද අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වරප්රමුඛ මහා සඟ රුවනද ශ්රද්ධා ධර්මදාන සාමාජිකයන්ද ශ්රද්ධා රූපවාහිනියේ සියළු දෙනාද නන් අයුරින් උපකාර කරනා සියල්ලෝ ද රැස්වූ සියළු පින් සතුටින් අනුමෝදන් වෙත්වා!
තෙරුවන් සරණයි!!!
– ශ්රද්ධා TV සමාජ සත්කාර අංශය

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය – 2022-03-10

2022-03-10 දින ශ්රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ බෞද්ධ සම්මන්ත්රණ ශාලා පරීශ්රයේදී රෝහල් ඇඳන් පරිත්යාග කිරීමේ පින්කම සාර්ථකව පැවැත්විය. ඒ අනුව දිවයිනේ තෝරාගත් රෝහල් 11 ක් සඳහා රුපියල් මිලියන 12.8 කට අධික වටිනාකමකින් යුත් රෝහල් ඇඳන් 68 ක් පරිත්යාග කළ බව මෙත් සිතින් යුතුව සිහිපත් කරමු. මෙම පින්කම උදෙසා දායකත්වය දැක් වූ ඕස්ට්රේලියාවේ මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුවේ, ගරු අනුශාසක පින්වත් කැකිරාවේ බෝධිධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මගපෙන්වීම යටතේ උපස්ථාන කමිටුවේ පින්වතුන්ගේ මූල්යමය දායකත්වයත් ශ්රම දායකත්වයත් මේ සඳහා නො මසුරු ව ලැබිණ. මෙම පුණ්ය කර්මයෙන් රැස් වූ සියලු පින් පින්වත් සරත් සිල්වා මහත්මාට ද , මෙල්බර්න් නුවර මහමෙව්නාව අසපුවේ උපස්ථාන කමිටුවේ සහ තාවතිංස යාත්රා සංවිධානයේ සියලු දෙනාට ද, මේ පුණ්ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා! උපකාර කළ සියල්ලෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා!!!
මෙම උපකරණ රේගුවෙන් නිදහස් කරගැනීමට උදව් උපකාර කළ ඖෂධ නියාමන අධිකාරියේ සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තුමේන්තුවේ සියලූ රාජ්ය නිළධාරීන්ට ද , මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලූ පුණ්ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා!
ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා!!!
දිව්ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, වැඩෙත්වා!!!
උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ
වාසනාව ලබත්වා!!!
රැස් වූ සියලූ පුණ්ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද,
සිල් ගුණදම් සුරකින සියලු මහ සඟරුවනට ද,
අනගාරිකා මෑණියන් වහන්සේලා ට ද,
පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ට ද,
අනුමෝදන් වෙත්වා!!!
උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ
වාසනාව ලබත්වා!!!එමෙන්ම මෙම පින්කම සංවිධානය කිරීමට උපකාර කළ
කඩුවෙල හේවාගම බෝධිඤණ අසපුවේ
උපස්ථාන කමිටුවේ පින්වතුන් සියලු දෙනාට ද
යොවුන් සභාවේ සියලු පින්වතුන් ට ද
රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද
එමෙන් ම ශ්රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන
මාසික ධර්ම දාන පින්වතුන්ට ද
මේ සියලු පින් අනුමෝදන් වෙත්වා!!!
උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!

ශිල්ප යාත්‍රා පුණ්‍ය ව්‍යාපෘතිය – 2025-12-19

ශිල්ප යාත්රා පුණ්ය ව්යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් තම්මැන්නා ඇළවක විද්යාලයේ දූ දරුවන් 156 දෙනෙකු වෙත, 2026 වර්ෂය සඳහා අවශ්ය පාසැල් උපකරණ කට්ටල ලබා දීම | 2025-12-19
 
අධ්යාපනය හදාරන දූ දරුවන් වෙත 2026 නව වසරේ පාසල් වාරය සඳහා අවශ්ය උපකරණ පරිත්යාග කිරීම කැනඩාවේ ටොරොන්ටෝ මහමෙව්නාව අසපුවට අනුබද්ධ WE CARE FOR YOU සංවිධානය තම්මැන්නා ඇළවක විද්යාලයේ දී සිදු කෙරෙනි. ඒ සඳහා වැය කර ඇති මුදල :- රු. ලක්ෂ හතරකට අධික වේ. මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා !

දරුවන් සඳහා අධ්‍යාපන උපකරණ කට්ටල ලබා දීම – 2025-01-05

පොළොන්නරුව ශික්ෂණ රෝහලේ තැලසීමියා එකකයේ සම්බන්ධීකරණයෙන් දරුවන් සඳහා අධ්යාපන උපකරණ කට්ටල ලබා දීම | 2025-01-05
අධ්යාපනය හදාරන දූ දරුවන් වෙත 2025 නව වසරේ පාසල් වාරය සඳහා අවශ්ය උපකරණ පරිත්යග කිරීම කැනඩාවේ We Care For You සමාජ සත්කාර සංවිධානයේ පින්වත් පිරිස විසින් පොළොන්නරුව ශික්ෂණ රෝහලේ දී සිදු කෙරෙනි. ඒ සඳහා වැය කර ඇති මුදල :- රු. ලක්ෂ තුනකට අධික වේ. මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා !

ශ්‍රද්ධා අභයදාන 93 වන පුණ්‍ය ව්‍යාපෘ‍තිය

ශ්රද්ධා අභයදාන පුණ්ය ව්යාපෘතිය මඟින් සිදු කරනු ලැබූ 93 වන පුණ්ය ව්යාපෘතිය මඟින් මරණයට කැප වූ එළ ගවයින් 24 ක් (අම්මා සහ පැටව් 03,ගැබිණි එළදෙනුන් 10 ක් සහ එළදෙනුන් 08) නිදහස් කිරීම ශ්රද්ධා මාධ්ය ජාලය සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්රයේදි 2026-01-24 වන දින පැවැත්විය.
මෙම පින්කම සඳහා පින්වතුන් 95 දෙනෙකු දායකත්වය දැක්වූ අතර පිරිවැය – රු. 3,230,000.00 (ලක්ෂ තිස් දෙකට අධික) මුදලක් ඒ සඳහා වෙන් කරන ලදී .
කිරිගොවීන් 07 දෙනෙකු සඳහා මෙම සතුන් ලබාදීම සිදුවිය.
මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!!!
බියකරු සසරේ කිසි දිනක මෙවන් දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා!!!