Kaduwela, Sri lanka.

මව්බිම වෙනුවෙන් එක්වෙමු – ආපදා සහන සේවය

“දිට්වා” සුළි කුණාටුව හා ගං වතුරෙන් පීඩාවට පත් ලක්වැසියන් උදෙසා මේ දක්වා මහමෙව්නාව භාවනා අසපු සංචිතය සහ ශ්රද්ධා මාධ්ය ජාලය එක්ව සිදු කළ සහන සේවය.
කෝටි 11 කට අධිකයි..
පීඩාවට පත් වූ ජනතාවට සරණක් අවැසි ම මොහොතේ මෙසේ සරණක් වූ වගයි… සියලු දෙනා සතුටු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා..!

වැඩි විස්තර සඳහා පිවිසෙන්න…..

 මහියංගණය මූලික රෝහල වෙත Covid 19 ආරක්ෂිත උපකරණ ලබා දීමේ පින්කම

Covid 19 ආරක්ෂිත උපකරණ ලබා දීමේ පින්කමක් 2021-08-06 දින ශ්රද්ධා රූපවාහිනී පරිශ්රයේදී පැවැත්විය. මෙම උපකරණ පරිත්යාග කරනු ලැබුවේ මහියංගණය මූලික රෝහල මගින් සිදු කරන ලද ඉල්ලීමකට අනුවයි. මෙම පින්කමේ දී ලක්ෂ 15 කට අධික වටිනා කමකින් යුත් වෛද්ය උපකරණ තොගයක් පරිත්යාග කරන්නට යෙදුණි. මව්බිම වෙනුවෙන් පුණ්ය ව්යාපෘතිය යටතේ පැවැත්වුණු මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

88 සහ 89 ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පින්කම – 2026.02.10

88 සහ 89 ශ්රද්ධා සම්බුද්ධ ප්රතිමා පූජා පින්කම , වළස්මුල්ල මහමෙව්නාව භාවනා අසපුව වෙත සහ මීගහකොටුව, කුලියාපිටිය රජයේ රැදවුම් ළමා නිවාසය වෙත සම්බුද්ධ ප්රතිමා වහන්සේලා පූජා කිරීමේ පින්කමක් 2026.02.10 දින කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ බෞද්ධ සම්මන්ත්රණ ශාලාවේ දී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන් සහ පින්වත් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අතර මෙම පින්කම සඳහා දායකත්වය දැරුවේ පින්වත් ශ්යාමලී මරක්කලගේ මහත්මිය සහ එච්.ආර්. ජනිතා සජීවනී මහත්මිය ඇතුළු පිරිස විසිනි.
රැස් වූ සියලු පින් මියපරලොව ගිය සියලූ ඥාතීන්ට අනුමෝදන් වෙත්වා!!! උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කීරීමේ වාසනාව ලබත්වා !!! පවුලේ ඥාති හිතමිතරාදී සැමටත්, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස මේ සියලු පින් අනුමෝදන් වෙත්වා!!!

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම – 2019-11-02

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම - 2019-11-02

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේ නමකගේ සහභාගීත්වයෙන් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී පැවැත්විය. මෙහිදී පිළිම වහන්සේ නමක් පින්වත් ජී.බී. රුක්මණි තක්සලා මහත්මිය අතුලු පවුලේ පින්වත් පිරිසක් විසන් පූජා කරන්නට යෙදුනා. මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා ! මෙවැනි පින්කම් සදහා පින්වත් ඔබත් දායක වීමට කැමති නම් මෙම දුරකථන අංකය 071 – 437 1522 අමතන්න..

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම – 2019-12-03

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම - 2019-12-03.

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ලිහිනියාගම යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විය. මෙහිදී එම ස්ථානයට පිළිම වහන්සේ නමක් සහ බුදු කුටියක් පූජා කරන්නට යෙදුනා. මෙම පින්කමින් රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මේ මහගු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා !

මෙවැනි පින්කම් සදහා පින්වත් ඔබත් දායක වීමට කැමති නම් මෙම දුරකථන අංකය 071 – 437 1522 අමතන්න..

 

අභයදානමය පුණ්‍යකර්මය… 2019-12-01

අභයදානමය පුණ්‍යකර්මය… 2019-12-01

ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 22ක් සහ ඒළුවෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී 2019-12-01 වන දීන දී පැවැත්විය. රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා! බියකරු සසරේ කිසි දිනක මෙවන් දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා… ශ්‍රද්ධා අභයදාන පිළිබඳ වැඩි විස්තර info@shraddha.lk වෙත ලිවීමෙන් දැන ගත හැකි ය. දුරකථන අංකය 071 437 15 22

පිවිතුරු පැන් පූජා – මේ දන් දෙන්නේ ජීවිතය යි….

පිවිතුරු පැන් පූජා - මේ දන් දෙන්නේ ජීවිතය යි....

බැර ලෝහ මිශ‍්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස දායකත්වය දැරූ ජර්මනියෙ පදිංචි පින්වත් ප්‍රියන්ති මහත්මිය ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ‍්‍රද්ධා රූපවාහිනියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මගින් ක‍්‍රියාත්මක කරන ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ, ඉබ්බාගමුව / මීගහ ඇළ විද්‍යාලය පානීය, ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයයේ 2019-11- 24 දින පැවැත්විණි. ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මගින් රැස්වන සියලූ පින් අපෙග් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා. සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන තැනවීම සඳහා දායකත්වය දැක්වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !

කකුළුවන් නිදහස් කිරීමේ පුණ්‍යකර්මය 2019-11-01

කකුළුවන් නිදහස් කිරීමේ පුණ්‍යකර්මය 2019-11-01

ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ කකුළුවන් 110 කට අදික සතුන් ප්‍රමාණයක් නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍යකර්මයක් 2019-11-01 වන දීන දී පැවැත්විය. මෙම පින්කම සඳහා දායකත්වය දරනු ලැබුවේ පින්වත් ගිහාන් සිරිවර්ධන අතුලු පවුලේ පින්වත් පිරිස විසින් දායකත්වය දැරූ අතර, රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා! බියකරු සසරේ කිසි දිනක මෙවන් දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා…

ශ්‍රද්ධා අභයදාන පිළිබඳ වැඩි විස්තර info@shraddha.lk වෙත ලිවීමෙන් දැන ගත හැකි ය.

දුරකථන අංකය 071 437 15 22