Kaduwela, Sri lanka.

Shraddha first Housing project

ශ්‍රද්ධා නිවාස පූජා පළමු අදියර

ගංදිය ගෙනා විපත් අභිමුව අසරණ වූ මිනිසුන්ට යළි නැගී සිටින්නට නිබඳ දිරිදුන් ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයේ නවතම පුණ්‍ය ව්‍යාපෘතිය. මහමෙව්නාව භාවනා අසපු සංචිතය හා එක්ව ශ්‍රද්ධා රූපවාහිනිය සිදු කරන ලබන ගං වතුරෙන් හානි වූ නිවාස යළි සාදා දීමේ වැඩසටහන ‘ශ්‍රද්ධා නිවාස පූජා’ එහි පළමු නිවාසය ජනතා අයිතියට පත් කරවීමේ පළමු පුණ්‍යයෝත්සවය අප්‍රේල් 11 වන දින ගාල්ල, පාතවැලිවිටිය ග්‍රාමයේදී පැවැත්විය. රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා!