About us
To experience life and to win at life. Let your humanity be a guiding light in their time of darkness . This is you time to help.
බැර ලෝහ මිශ‍්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ‍්‍රද්ධා රූපවාහිනියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මගින් ක‍්‍රියාත්මක කරන ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සයවන අදියර යටතේ, මැදවච්චිය, ඇතාකඩ, ගලෙන්බිඳුණුවැව ගම්වාසීන් උදෙසා ඉදිකළ, ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයයේ අතිපූජනීය බූටෑවත්තේ සරණංකර නායක ස්වාමීන් වහන්සේ සහ මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සහභාගීත්වයෙන් 2018 සැප්තැම්බර් මස 30 දින පැවැත්විණි. ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මගින් රැස්වන සියලූ පින් අපෙග් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා. සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන තැනවීම සඳහා දායකත්වය දැක්වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !
To experience life and to win at life. Let your humanity be a guiding light in their time of darkness . This is you time to help.