මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු“ යන උදාර පුණ්‍ය චේතනාව යටතේ ශ්‍රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල, මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ දී 2019-04-06 වන දින ලේ දන්දීමේ කඳවුරක් පවත්වන්නට යෙදුණි. ජාතික රුධිර සංචිතයට සවියක් වනු පිණිස පවත්වනු ලැබූ මෙම මහා පුණ්‍ය කර්මයට රුධිර දායකයින් 408 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී විය. මෙම රුධිරදාන කඳවුරට සහභාගී වූ සියලු වෛද්‍ය සහ හෙද හෙදි කාර්ය මණ්ඩලටත් රුධිර දායකයන්ටත්, මේ සඳහා අනුශාසනා කළ පින්වත් ස්වාමීන් වහන්සේලාට ත්, විශේෂයෙන් ම මෙම වැඩසටහන සංවිධානය කළ කඩුවෙල තාවතිංස යාත්‍රා යොවුන් සභාවේ සියලූම සමාජික සාමාජිකාවන්ටත්, ශ්‍රද්ධා මාධ්‍යජාලයේ සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට මෙම පුණ්යධර්මයෝ හේතු වාසනාව උදා වේවා.