පරණහල්මිල්ලෑව විදුහල – ඇටවීරගොල්ලෑව,මැදවච්චිය සඳහා සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීමේ පින්කමක් 2024.06.28 දින පෙ.ව 9.00 ට කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ බෞද්ධ සම්මන්ත්රණ ශාලාවේ දී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන් සහ පින්වත් පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අතර මෙම පින්කම සඳහා දායකත්වය දරන්නේ ඒස්. තලගල මහත්මිය විසිනි.
රැස් වූ සියලු පින් මියපරලොව ගිය සියලූ ඥාතින්ට අනුමෝදන් වෙත්වා!!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කීරිමේ වාසනාව ලබත්වා !!! පවුලේ ඥති හිතමිත්රාදී සැමටත්, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස මේ සියලූ පින් අනුමෝදන් වෙත්වා!!!
ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පුණ්‍ය ව්‍යාපෘතිය සඳහා ප්‍රතිමා වහන්සේලා තැනවීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය සලසාදෙන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මැතිතුමා සහ අධ්යක්ෂ ජෙනරාල් ඉංජිනේරු සහ බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ මැතිතුමා ඇතුළු නිලධාරී මහත්වරුන්ටත්, අප හට ශ්‍රමයෙන් දායකත්වය සලසන නාවික හමුදාවේ සියලු දෙනාත් නිදුක් වෙත්වා.. රැස් වූ සියලු පින් මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා..!