Kaduwela, Sri lanka.

බෞද්ධයා කියන්නෙ අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගිය කෙනාට යි. මෙතැන දි අපට අවබෝධයෙන් තෙරුවන් සරණ ගියා කෙනා කියල විශේෂයෙන් කියන්න සිදු වුනේ උපතින් බෞද්ධ වූ බොහෝ දෙනෙක් අවබෝධයෙන් ම තෙරුවන් සරණ යන ආකාරය නො දන්නා නිස යි. ඔබ ම ටිකක් හිතා බලන්න ඔඛෙන් කවුරු හරි ඇහුවොත්, ඔබ තෙරුවන් සරණ ගියේ මොකට ද කියලා. මොකක්ද ඔබ දෙන පිළිතුර? සමහර විට පිළිතුරක් දෙන්න නො දන්නා නිසා ම ඔබ නිහඬ වේවි. එ් කෙන් පේන්නේ අද රටේ බොහෝ පිරිසක් නාමිකව තෙරුවන් සරණ ගියාට තේරුමක් නො දැනයි සරණ ගියේ. සමහර විට තවත් කෙනෙක් කියන නිසා අපි තෙරුවන් සරණ යනවා. එහෙම නැතිනම්, දෙමව්පියන් තෙරුවන් සරණ යන නිසා අපිත් තෙරුවන් සරණ යනවා. සමහරු චාරිත්‍රයක් විදහටත් තෙරුවන් සරණ යනවා. එහෙම කළා මිසක් අපි තෙරුවන් සරණ යාමෙන් හැබෑවට ම බලාපොරොත්තු විය යුත්තේ මොකක් ද කියන එක පිළිබඳවත් එ් බලාපොරොත්තුව ඇත්තට ම හරියන එකක් ද කියන කාරණය ගැනත් චුට්ටක්වත් හිතලා බැලූවේ නෑ නේද? නිවැරදිව තෙරුවන් සරණ නො ගිය නිසා ම අපේ බෞද්ධයන් අද ඉතාම අසරණ පිරිසක් බවට පත් වෙලා.