Kaduwela, Sri lanka.

ආදරණීය දුවේ පුතේ,අපි හැම කෙනෙක් ම ව්‍යවහාරික පාසල් වාරයක නිමාවට යි එළඹෙන්නේ. තව ටික දවසකට පස්සේ ඔයාලා හැම කෙනෙක් ම දෙවන වාරයේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා. ඔයාලා හැම කෙනෙක් ම පළමුවෙනි වාර විභාගයට උත්තර සපයලා, ප‍්‍රතිඵලත් ලබල අවසන් වේවි මේ පොත අතට ලැබෙද්දි. විභාග ටිකක් අමාරුයි නේද දුවේ පුතේ? හොඳට පාඩම් කරලා, හොඳට සූදානම් වෙලා, හොඳට මතකයේ තියාගෙන, ප‍්‍රශ්න පත්තරේ අතට ගත්ත ම කලබල නො වී විභාගෙට උත්තර ලියන්න පුළුවන් වුණොත් නම් හොඳට ලකුණු ගන්න පුළුවනි. එ් කොහොම වුණත්සි යයෙන් සියයක් ම ලකුණු ගන්නවා කියන එක නම් හරිම අමාරු වැඩක්. එහෙම ලකුණු ගන්න නම් අපට පුංචි ම පුංචි වරදක්වත් වෙන්නෙ නැතිව ප‍්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනි.ගොඩක් වෙලාවට අපිට ප‍්‍රශ්නයක පුංචි කොටසක් හරි වරදින්න පුළුවනි. ඉතින් එ් වැරැුද්ද නිසා අපට ලැබෙන ලකුණු ටිකක් අඩු වෙනවා.