About us
To experience life and to win at life. Let your humanity be a guiding light in their time of darkness . This is you time to help.
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා – උගතමනා ශිල්පයමයි මතු රැකෙනා…
මතු රැකෙනා ශිල්පය මනා කොට ඉගෙන ගන්නට අවැසි දේ දරුවන්ට ලබාදෙන්නට දෙමාපියන් දැඩි පරිශ‍්‍රමයක් දරණවා. ඇල්මෙන් අකුරු කරන්නට වෙර දරණ අපේ රටේ අහිංසක දුප්පත් දරුවන් ගොඩක් වෙලාවට කුසට ආහාරයක් පවා නොමැතිව ඉතා අසරණ තත්වයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ අධ්‍යාපනයේ ඇති වැදගත්කම, වටිනාකම ඒ පුංචි හිත්වල තදින්ම කා වැදී තිබෙන නිසාමයි. එවන් වූ ඉගෙනීමට දක්‍ෂ දරුවන් පිරිසකට ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය කරන පාසල් පොත්, බෑග්, පැන්සල්, වතුර බෝතල් ආදී වූ ද්‍රව්‍යයන් ලබාදීලා දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපන මාවතක මඟ එළි පෙහෙළි කර දෙන්නට ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශයට පසුගිය දිනක හැකිවුණා.
මූණමල්ගස්වැව කනිෂ්ඨ විද්‍යාලය, පුත්තලම දිස්ති‍්‍රක්කයේ ඉහළ පුලියංකුලමට අයත් පාසලක්. පසුගිය නොවැම්බර් මාසයේ 28 වනදා ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශය එම විද්‍යාලයට පැමිණෙන්නේ එහි අධ්‍යාපනය හදාරන සිසුන් 107 දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබාදීමේ මහඟු පුණ්‍ය කාර්යය සඳහායි.
මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැති පින්වතුන්ගේ මූල්‍යමය දායකත්වයත්, කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ යොවුන් සභාව සහ සෞභාග්‍යා සුවඳ කූරු නිෂ්පාදන අංශයේ කාර්යය මණ්ඩලයේ ශ‍්‍රම දායකත්වයත් මෙම පින්කම සඳහා ලැබීම මෙහිදී පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කර සිටින්නෙමු.
එසේම මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා පාසලේ විදුහල්පතිතුමන්, ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් පියවරුන්, සිසු දරු දැරියන්, දෙමාපියන් විශාල කැපවීමකින් කටයුතු කළ බව මෙහිදී සිහිපත් කළ යුතුයි.
රට, දැය, සමය රැකගැනීමට උපන් හපන් උගත්, බුද්ධිමත් දරු පිරිසක් බිහිකිරීමේ උදාර අරමුණ පෙර දැරිව ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශයේ මූලිකත්වයෙන් පැවැත්වුණු මෙම මහඟු පුණ්‍ය කර්මයෙන් රැස්වූ සියලූ පින් මේ සියලූ උතුම් කාර්යයන් සඳහා නිබඳව අපහට කරුණාවෙන් අනුශාසනා කරමින් මාර්ගෝපදේශකත්වය ලබාදෙන්නා වූ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාව භාවනා අසපුවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් , අනගාරිකා මෑණිවරුන්ටත්, සැදැහැති දායකත්වය ලබා දුන් සැදැහැති පින්වතුන්ටත්, ශ‍්‍රද්ධා සමාජ සත්කාර අංශයේ පින්වතුන්ටත්, ශ‍්‍රම දායකත්වය දැක්වූ කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ යොවුන් සභාව සහ සෞභාග්‍යා සුවඳ කූරු නිෂ්පාදන අංශයේ කාර්යය මණ්ඩලටත්, ශ‍්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලූම පින්වත් දරුවන්ටත්, එමෙන්ම ශ‍්‍රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන් සියලූම දෙනාටත්, නන් අයුරින් උපකාර කළ සියලූ දෙනාටත්, දැකබලා අනුමෝදන්වන සියලූම දෙනාටත් මේ රැස් කළ සියලූ පින් එක සේ අනුමෝදන් වෙත්වා ! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී මේ ගෞතම බුදුසසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා !!!
To experience life and to win at life. Let your humanity be a guiding light in their time of darkness . This is you time to help.