බැර ලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා රූපවාහිනියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මගින් ක්‍රියාත්මක කරන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සත්වන අදියර යටතේ බෙල්ලන්කඩවල කැබිතිගොල්ලෑව පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයයේ 2020 දෙසැම්බර් මස 23 දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දරන්නේ මිත්‍ර චන්ද්‍රසෝම මහතා සහ චින්තා කාරියවසම් මහත්මිය විසිනි..
ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මගින් රැස්වන සියලූ පින් අපෙග් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා. සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන තැනවීම සඳහා දායකත්වය දැක්වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා