About us
To experience life and to win at life. Let your humanity be a guiding light in their time of darkness . This is you time to help.
Menu
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් 2020-01-04 වන දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී දරුවන් 60 දෙනකුට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් පැවත්විය. මේ සඳහා දායකත්වය දරන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් යුනිල් පෙරේරා මහතා, තක්ෂිලා හේරත් මහත්මිය ඇතුළු පින්වත් පිරිසක් විසිනි. මෙම පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ මේ වන විට රුපියල් මිලියන 40කට වැඩි මුදලක් පාසැල් සහ විශ්වවිද්‍යාල ළමුන් 1500කට අධික ප්‍රමාණයකට ලබා දී ඇත. මෙම උතුම් පින්කමෙන් රැස් වු සියලූ පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද, සිල් ගුණදම් සුරකින සියලු මහ සඟරුවනට ද, අනගාරිකා මෑණියන් වහන්සේලා ට ද, පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ට ද, අනුමෝදන් වෙත්වා!!! මෙම ශිෂ්‍යත්ව ලබාදීමට දායකත්වය දැක්වූ සියලුම දෙනාට ද මේ පින් අනුමෝදන් වෙත්වා!!! එමෙන්ම මෙම පින්කම සංවිධානය කිරීමට උපකාර කළ කඩුවෙල හේවාගම බෝධිඤාණ අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන් සියලු දෙනාට ද, යොවුන් සභාවේ සියලූ පින්වතුන් ට ද, නන්අයුරින් උපකාර කළ පින්වතුන්ටද, ශ්‍රද්ධා රූපවාහිනියේත් ලක්විරු ගුවන්විදුලියේත් සේවය කරන පින්වත් දරුවන්ට ද, ශ්‍රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා!!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!
To experience life and to win at life. Let your humanity be a guiding light in their time of darkness . This is you time to help.