Kaduwela, Sri lanka.

 නවීන රෝහල් ඇඳන් 185ක් ජාතික සෞඛ්‍ය සේවයට පිරනැමෙයි. – 2026-01-22

පරාර්ථකාමී උදාර සිතුවිලි සමගින් සමාජ සත්කාර සේවයන්හි නිරත වන ශ්රද්ධා රූපවාහිනී සමාජ සත්කාර අංශය මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුවත් ඩී.පී. පදනමත් සමඟින් එක් වී ශ්රී ලංකාවේ රෝහල් පද්ධතිය වෙත දැඩිසත්කාර ඒකක රෝහල් ඇඳන් ඇතුළු අත්යවශ්ය රෝහල් උපකරණ පරිත්යාග කිරීමේ උතුම් පුණ්ය ව්යාපෘතියක් ක්රියාවට නංවා තිබේ.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සහ ශ්රද්ධා මාධ්ය ජාලයේ නිර්මාතෘවර අතිපූජ්ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් හා මඟපෙන්වීම යටතේ ක්රියාත්මක වන මෙම පුණ්ය කර්මයේ තවත් එක් අදියරක් සනිටුහන් කරමින් 2026-01-22 දින ශ්රද්ධා රූපවාහිනිය සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ බෞද්ධ සම්මන්ත්රණ ශාලා පරීශ්රයේ දී 09 වන වරටත් රෝහල් ඇඳන් පරිත්යාග කිරීමේ පින්කමක් සාර්ථකව පවත්වනු ලැබිණි. ඒ ඔස්සේ දිවයිනේ තෝරාගත් රෝහල් 11 ක විකලාංග ශල්ය වෛද්ය ඒකක සඳහා රුපියල් මිලියන 74කට අධික වටිනාකමකින් යුත් රෝහල් ඇඳන් 185 ක් පරිත්යාග කරන ලදි.
ඒ අනුව පුත්තලම මූලික රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, මොණරාගල දිස්ත්රික් මහ රෝහල, ත්රිකුණාමලය මහ රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, ගම්පහ දිස්ත්රික් මහ රෝහල, මාතලේ දිස්ත්රික් මහ රෝහල, නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල, වව්නියාව දිස්ත්රික් මහ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල සඳහා රෝහල් ඇඳන් පරිත්යාග කිරීම සිදුවිය.
සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ශ්රද්ධා මාධ්ය ජාලයේ ගරු අනුශාසක පූජ්ය අලුදෙණියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේ වරප්රමුඛ මහාසඟ රුවනේ වැඩමවීමෙන් පැවැත්වුණු මෙම උතුම් පුණ්ය කර්මයේ ප්රධාන ආරාධිතයා ලෙස DP Education ප්රධාන විධායක නිලධාරිනී කෞෂි අමරසිංහ මෙනවිය ඒ මොහොතට එක් විය. මෙම පින්කම සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ විකලාංග ශෛල්ය වෛද්ය කැළුම් චතුරංග විදානගමගේ, කුලියාපිටිය ශික්ෂණ රෝහලේ චානක සෝලංගාරච්චි, රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිර්මාල් මාරසිංහ, ගම්පහ මහ රෝහලේ රුශාන්ත ප්රේමදාස, පුත්තලම මහ රෝහලේ සාෂා හමීඩ්, නාවලපිටිය මහ රෝහලේ කේ කාංදීපන් මහතා ඇතුළු වෛද්යවරුන් සහ සෞඛ්ය කාර්ය මණ්ඩල සම්බන්ධ විය.
මේ සියලු කටයුතු සඳහා මඟපෙන්වන ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන වහන්සේට ද විශේෂයෙන්ම මෙම පින්කම සඳහා උපකාර කළ ඔස්ට්රේලියාවේ මෙල්බන් නුවර මහමෙව්නාව භාවනා අසපුවේ සංඝෝපස්ථායක පූජ්ය කැකිරාවේ බෝධිධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු සියළුම පින්වත් ස්වාමීන් වහන්සේලාට ද මේ උතුම් කටයුත්තේ බර කරට ගෙන ක්රියා කරන මෙල්බර්න් ජේතවන අසපුවට සම්බන්ධ පින්වත් රවී හේවාවිස්ස මහතා ඇතුළු පින්වත් පිරිසට ද රෝහල් උපකරණ සැපයීම සිදු කළ මැක්වර් කෙයාර් (Mecwa care) ආයතනයේ දිනේෂ්, බැරී (Barry) සහ ඩ්රැගෝ (Drago) යන මහත්වරුන්ටත්, සීවා ලොජිස්ටික් (CEVA LOGISTICT) ආයතනයේ චන්දිම ගුණවර්ධන මහතා ඇතුළු පිරිසටත්, (TNL) නැව් සමාගමටත්, බජට් ට්රක් (Budget Truck) ආයතනයේ ජුලියානා මහත්මියටත් මේ පින් අනුමෝදන් වෙත්වා !!!
මෙම පින්කමේ ප්රවාහන වියදම් දරමින් නැව් ගාස්තු සඳහා මුල්ය දායකත්වය දරණ ධම්මික සහ ප්රසිලා පෙරේරා පදනමේ සම නිර්මාතෘ ගරු ධම්මික පෙරේරා මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා!!! උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!
එමෙන්ම DP Education ප්රධාන විධායක නිලධාරිනී කෞෂි අමරසිංහ මෙනවිය ඇතුළු DP Education ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් වෙත්වා!!! උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා !!!
මේ පින්කම සඳහා සහභාගී වූ වෛද්ය කාර්යය මණ්ඩල වල සියලු මහත්ම මහත්මීන්ටත්, විශේෂයෙන්ම, අවශ්යතා පවතින රෝහල් සම්බන්ධීකරණය කර දෙමින් සහය වූ බදුල්ල ශික්ෂණ රෝහලේ විකලාංග ශෛල්ය වෛද්ය කැළුම් චතුරංග විදානගමගේ මහතාටත්, මේ වෙනුවෙන් නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටත්, රැස්වූ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා !!!

රෝද පුටු පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය -2022-03-18

ඇය නමින් දිනායා පැහැසැරණි. නිරෝගී දරුවෙකු ලෙස මනුලොව උපත ලද ඇය සය මසක් වනතුරු මව් පිය පහසේ නිරෝගීව වැඩෙමින් ජීවත් විය. සය මස අවසානයේ ප්රතිශක්ති වැඩසටහන යටතේ එන්නත්කරණයට ලක්වූ ඇයට, සිදු වූ අත්වැරදීමක් නිසා අවසනාවන්ත ලෙස රෝගාතුර වන්නට සිදු විය. ඒ අනුව මේ වන විට පුරා වසර එකොළහක් මුළුල්ලේ ඇය රෝද පුටුවේ, මවගේ උර මත හෝ ඇඳ මත තම ජීවිතය ගත කරනු ලබනවා. ඇයට දෙන අහාර පවා දියර ලෙස ලබා දෙන අතර මවගේ සහය නොමැතිව වැසිකිළි කැසිකිළි කිරීමටද ඇයට නොහැකිය. මාස්පතා අහංගම සිට කරාපිටිය රෝහලට ත්රීරෝද රථයක් මගින් ගමන් කිරීමට ඔවුනට සිදුව ඇත. ඒ සමග සිදු වන අනෙක් වියදම්ද සමගින් ගෘහණියක් ලෙස දරුවන් රැක බලා ගන්නා මවටත් කුලීවැඩ කරනා පියාටත් එම වියදම් පියවා ගැනීම අපහසුය.
මෙලෙස ජීවන කටයුතු සිදු වන අතරතුර දරුවා භාවිතා කරන ලද රෝද පුටුව අබලන් වී ඇති බැවින් ඔවුන් අපගෙන් රෝද පුටුවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් සිදු කරන ලද අතර විස්තරය දැනුවත් කිරීමෙන් අනතුරව අද දින ලබා දුන් රු.35000.00 වටිනා මෙම රෝද පුටුව සඳහා එංගලන්තයේ පදිංචි පින්වත් ගයාන් කෝදාගොඩ මහත්මා ඇතුලු පවුලේ සැම විසින් දායකත්වය දරණ ලදි.
රැස් වූ සියලු පින් මේ උතුම් පිංකම සඳහා දායක වූ එංගලන්තයේ පදිංචි පින්වත් ගයාන් කෝදාගොඩ මහත්මා ඇතුලු පවුලේ සියලු දෙනා සතුටින් අනුමෝදන් වෙත්වා! නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා! ප්රාර්ථනීය අදහස් සඵල වේවා! උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!
ගෞතම බුදු සසුන සුරකින දෙවියෝද අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වරප්රමුඛ මහා සඟ රුවනද ශ්රද්ධා ධර්මදාන සාමාජිකයන්ද ශ්රද්ධා රූපවාහිනියේ සියළු දෙනාද නන් අයුරින් උපකාර කරනා සියල්ලෝ ද රැස්වූ සියළු පින් සතුටින් අනුමෝදන් වෙත්වා!
තෙරුවන් සරණයි!!!
– ශ්රද්ධා TV සමාජ සත්කාර අංශය

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය – 2022-03-10

2022-03-10 දින ශ්රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ බෞද්ධ සම්මන්ත්රණ ශාලා පරීශ්රයේදී රෝහල් ඇඳන් පරිත්යාග කිරීමේ පින්කම සාර්ථකව පැවැත්විය. ඒ අනුව දිවයිනේ තෝරාගත් රෝහල් 11 ක් සඳහා රුපියල් මිලියන 12.8 කට අධික වටිනාකමකින් යුත් රෝහල් ඇඳන් 68 ක් පරිත්යාග කළ බව මෙත් සිතින් යුතුව සිහිපත් කරමු. මෙම පින්කම උදෙසා දායකත්වය දැක් වූ ඕස්ට්රේලියාවේ මෙල්බර්න් මහමෙව්නාව භාවනා අසපුවේ, ගරු අනුශාසක පින්වත් කැකිරාවේ බෝධිධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මගපෙන්වීම යටතේ උපස්ථාන කමිටුවේ පින්වතුන්ගේ මූල්යමය දායකත්වයත් ශ්රම දායකත්වයත් මේ සඳහා නො මසුරු ව ලැබිණ. මෙම පුණ්ය කර්මයෙන් රැස් වූ සියලු පින් පින්වත් සරත් සිල්වා මහත්මාට ද , මෙල්බර්න් නුවර මහමෙව්නාව අසපුවේ උපස්ථාන කමිටුවේ සහ තාවතිංස යාත්රා සංවිධානයේ සියලු දෙනාට ද, මේ පුණ්ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා! උපකාර කළ සියල්ලෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා!!!
මෙම උපකරණ රේගුවෙන් නිදහස් කරගැනීමට උදව් උපකාර කළ ඖෂධ නියාමන අධිකාරියේ සහ ආනයන හා අපනයන පාලන දෙපාර්තුමේන්තුවේ සියලූ රාජ්ය නිළධාරීන්ට ද , මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලූ පුණ්ය ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා!
ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා!!!
දිව්ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, වැඩෙත්වා!!!
උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ
වාසනාව ලබත්වා!!!
රැස් වූ සියලූ පුණ්ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද,
සිල් ගුණදම් සුරකින සියලු මහ සඟරුවනට ද,
අනගාරිකා මෑණියන් වහන්සේලා ට ද,
පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ට ද,
අනුමෝදන් වෙත්වා!!!
උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ
වාසනාව ලබත්වා!!!එමෙන්ම මෙම පින්කම සංවිධානය කිරීමට උපකාර කළ
කඩුවෙල හේවාගම බෝධිඤණ අසපුවේ
උපස්ථාන කමිටුවේ පින්වතුන් සියලු දෙනාට ද
යොවුන් සභාවේ සියලු පින්වතුන් ට ද
රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද
එමෙන් ම ශ්රද්ධා නාලිකාව පවත්වා ගැනීමට උපකාර කරන
මාසික ධර්ම දාන පින්වතුන්ට ද
මේ සියලු පින් අනුමෝදන් වෙත්වා!!!
උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා!!!

COVID 19 OPD Treatment Boot පරිත්‍යාග කිරීමේ පින්කම 2020-12-06

COVID 19 OPD Treatment Boot පරිත්‍යාග කිරීමේ පින්කම 2020-12-06

COVID 19 OPD Treatment Boot පරිත්යාග කිරීමේ පින්කම 2020-12-06 දින පැවැත්විය. මේ උපකරන පරිත්යාග කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශය වෙතයි.
මව්බිම වෙනුවෙන් පුණ්ය ව්යාපෘතිය යටතේ පැවැත්වුන මේ උතුම් සමාජ සත්කාරයෙන් රැස් වූ සියලු පුණ්ය ධර්මයන් , පින් කැමති සියලු දෙව් බඹුන් අනුමෝදන් වෙත්වා..! අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන් වෙත්වා! දැකබලා සතුටු වන සියලු පින්වතුන්ට ද මේ පින් අනුමෝදන් වෙත්වා ! අප මාතෘභූමියත් ලෝකයත් මෙම බිහිසුණු වසංගත තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදේවා…! සියලු සත්වයෝ සුවපත් වෙත්වා! 

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය…2020-02-24

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය...2020-02-24

‘‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ) ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් 34 වන වතාවටත් ලබා දෙන උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2020 පෙබරවාරි මස 24 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කම සඳහා ප්‍රධාන මූල්‍යමය දායකත්වය දරනු ලැබුවේ බොරැල්ලේ පිදිංචි සීතා නානායක්කාර මහත්මිය විසිනි. මෙම පිංකමට ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයෙහි සිසුන්ගේ ශ්‍රම දායකත්වයද ලැබුණි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්,බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! 3500ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබා දුන් මෙම දානයට අනුශාසනා කළ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූ ම පින්වත් ස්වාමීන් වහන්සේලා ට ද, මේ සියලු පින් අනුමොදන් වෙත්වා! මෙම පින්කම සඳහා ශ්‍රම දායකත්වය දක්වමින් උපකාර කළ ගෞතම දරුවෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද, එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා… 

මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය. 

විමසීම් – 071 437 1522 විද්‍යුත් ලිපිනය – info@shraddha.lk

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2020-01-24

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2020-01-24

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2020-01-24

‘‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ)

2020-01-24 දින ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පවත්වනු ලැබීය.. තෙවැනි වරට සංවිධානය කෙරුණු මෙම පින්කමේදී මේ වන විට රුපියල් මිලියන 70 ක පමණ වටිනාකමකින් යුතු රෝහල් ඇඳන් 275 කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පිහිටි රෝහල් 80 කට පමණ ලබා දීමට හැකි වූ බව අප මෙත් සිතින් දන්වා සිටිමු. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලූ පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ද, සිල් ගුණදම් සුරකින සියලූ මහ සඟරුවනට ද, අනගාරිකා මෑණියන් වහන්සේලා ට ද, පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ට ද, අනුමෝදන් වෙත්වා!!

මෙම පින්කම උදෙසා දායකත්වය දක්වන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ පින්වතුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා!!

මෙම පුණ්‍ය සත්කාරය සඳහා උදව් උපකාර කල සැමටත් දැකබලා සතු‍ටු වන සැමටත් සම සිතින් අනුමෝදන් කරමු.. අනුමෝදන් වේවා…!

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය…2020-01-20

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය...2020-01-20

‘‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ) ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2020 ජනවාරී මස 20 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කම සඳහා දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි චම්පා මහත්මිය සහ බත්තරමුල්ලේ පදිංචි දේවිතා මහත්මිය ඇතුළු සියළු හිත මිතුරන් සහ ඥාතීන් විසිනි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්,බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! 3500ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබා දුන් මෙම දානයට අනුශාසනා කළ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූ ම පින්වත් ස්වාමීන් වහන්සේලා ට ද, මේ සියලු පින් අනුමොදන් වෙත්වා! මෙම පින්කම සඳහා ශ්‍රම දායකත්වය දක්වමින් උපකාර කළ ගෞතම දරුවෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද, එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා…

 මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය. විමසීම් – 071 437 1522 විද්‍යුත් ලිපිනය – info@shraddha.lk

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය…2019-12-23

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය...2019-12-23

‘‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ) ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 දෙසැම්බර් මස 23 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්,බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! 3500ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබා දුන් මෙම දානයට අනුශාසනා කළ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූ ම පින්වත් ස්වාමීන් වහන්සේලා ට ද, මේ සියලු පින් අනුමොදන් වෙත්වා! මෙම පින්කම සඳහා ශ්‍රම දායකත්වය දක්වමින් උපකාර කළ ගෞතම දරුවෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද, එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා… මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය. විමසීම් – 071 437 1522 විද්‍යුත් ලිපිනය – info@shraddha.lk

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය…2019-12-09

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය...  2019-12-09

‘‘යමෙක් මාගේ අවවාදානුශාසනයන් පිළිගැණීම් වශයෙන් මට උපස්ථාන කරන්නේ නම්, හෙතම ගිලනාට උපස්ථාන කරන්නේය. මාගේ අවවාදය පිළිපදින්නහු විසින් ගිලනාට උවටැන් කළ යුතුය”(ගෞතම බුදුරජාණන් වහන්සේ) ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 දෙසැම්බර් මස 09 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි. මෙම උතුම් දානමය පින්කම සඳහා බැතිබර දායකත්වය දරන්නේ පින්වත් පේමරත්න සුරවීර මහත්මා සහ හේමලතා කපුරුබන්ඩා මහත්මිය ඇතුලු පින්වත් පිරිස විසිනි. මෙම උතුම් දානමය පින්කමෙන් රැස් වු සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වය දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා! දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්,බලයෙන්, ප්‍රඥාවෙන් වැඩෙත්වා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා! 3500ක් පමණ වූ පිරිස වෙනුවෙන් ලබා දුන් මෙම දානයට අනුශාසනා කළ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු සියලූ ම පින්වත් ස්වාමීන් වහන්සේලා ට ද, මේ සියලු පින් අනුමොදන් වෙත්වා! මෙම පින්කම සඳහා ශ්‍රම දායකත්වය දක්වමින් උපකාර කළ ගෞතම දරුවෝ යොවුන් සභාවේ සියලු පින්වතුන්ට ද, ශ්‍රද්ධා නාලිකාවේ සේවය කරන සියලු පින්වත් දරුවන්ට ද, එමෙන් ම ශ්‍රද්ධා නාලිකාව පවත්වාගැනීමට උපකාර කරන මාසික ධර්මදාන පින්වතුන්ට ද, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට ද, දැක බලා සිත් පහන් කරගත් සියලු දෙනාට ද, මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා… මාසිකව සිදු කෙරෙන මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා පින්වත් ඔබට ද දායක විය හැකි ය. විමසීම් – 071 437 1522 විද්‍යුත් ලිපිනය – info@shraddha.lk

 

අභයදානමය පුණ්‍යකර්මය… 2019-10-24

අභයදානමය පුණ්‍යකර්මය… 2019-10-24

ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියට සමගාමීව මරණයට කැප වූ එළගවයින් 34 දෙනෙකු සහ එළවෙකු නිදහස් කිරීමේ අභයදානමය පුණ්‍ය කර්මයක් ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී 2019-10-24 වන දීන දී පැවැත්විය. රැස් වූ සියලු පින්, පින් කැමති සියලු දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, නාගයෝ ද ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ද අනුමෝදන් වෙත්වා. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාවාසී ලෝකවාසී පින්වත් මහා සඟරුවනට ද අනුමෝදන්වෙත්වා! මෙම සතුන් නිදහස් කිරීම සඳහා දායකත්වය දරන පින්වතුන් සියලු දෙනාටත්, ශ්‍රද්ධා ධර්මදාන සාමාජික පින්වත් සියලු දෙනාත්, මේ මහඟු පින්කම දැක බලා සතුටු වන ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා! බියකරු සසරේ කිසි දිනක මෙවන් දුක්ඛිත අකල් මරණ සිදු නොවේවා! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසී සුවසේ ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදා වෙත්වා… 

ශ්‍රද්ධා අභයදාන පිළිබඳ වැඩි විස්තර info@shraddha.lk වෙත ලිවීමෙන් දැන ගත හැකි ය.

දුරකථන අංකය 071 437 15 22