98 වන ජල පිරිපහදු මධ්‍යස්ථානය
බැරලෝහ මිශ්
ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්
රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්
රිය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂික කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්
රද්ධා රූපවාහිනියත්, සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවත් මඟින් ක්‍රියාත්මක කරන ශ්
රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්
ය ව්
යාපෘතිය යටතේ පදියතලාව, සරණගම ප්
රදේශයේ ඉදිකළ පානීය ජල පරිපහදු මධ්
යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්
ය මහෝත්සවය අති පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්
යයේ 2022 ජනවාරි මස 28 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්
යස්ථානය සුරියානි මහත්මිය ඇතුලු පිරිසගේ ආධාරයෙන් නිම කොට පූජා කරන ලදී.
ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා ! සුවසේම උතුම් චතුරාර්ය සත්
ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා ! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්
යස්ථානය තැනවීම සඳහා දායකත්වය දැක් වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්
යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා…!
Powered by EmbedSocial
→